දුලාගේ වැඩවලින් නැවතත් කන්දේ ගෙදර විකාශය වේ !!!

ඔය අයට මතක ඇතිනෙ දුලා අර කෝරලේ මහත්තයා ගැන ලියපු ලිපිය.එකේදි ලංකාවේ ටෙලි නාට්‍ය ඉතිහාසය ගැන කතා වුනානෙ.දුලාගේ අදහස වුනෙත්,කමෙන්ට් දාපු බොහෝ දෙනෙක්ගෙ අදහස වුනෙත් ඒ කාලෙ විකාශය වුනු ඔය පළිඟු මැනිකේ,කන්දෙ ගෙදර,යශෝරාවය,දූ දරුවෝ වගේ නාට්ටි අදටත් මතකයෙන් ඈත් නොවෙන තරමට ආශ්වාද ජනකය,රසවත්ය කියන එකයි.ඒක කියවපු නැති එවුන් මෙතනින් කියවන්න. 

ඉතින් ඒ ලිපිය කියවපු එකෙක්ගෙන් වානිජ සමාගම් කීපයකට මේක ගැන ආරංචි වෙලා.උන්ටත් අවබෝධ වෙලා ගොඩක් අය ඔය නාට්‍ය වලට කැමතියි කියලා.ඉතින් මේ කට්ටිය ජාතික රූපවාහිනියෙ මේ පරණ නාට්‍ය විකාශය කරන්න අනුග්‍රය දක්වන්න කැමති වෙලා.රූපවාහිනියටත් මේව පෙන්නන්න ඕන වෙලා තිබ්බට මෙතෙක් කාලෙකට හරි හැටි අනුග්‍රහයක් ලැබිලා නෑ.ඉතින් මේ අපේ වැඩ වලින් ඒක හරි ගිහිල්ල...

ඊයෙ(අගෝස්තු 25) සිට හැම ඉරිදම  සවස 5ට අපි ආස කරපු ඒ සම්මානනීය ටෙලිය ආයෙත් යනව.දුලාට ආඩම්බරයක්!

ආනන්ද අබේනායකයන්ගේ
කන්දෙ ගෙදර

කලින් බලල නැති අයටයි,බලපු අයට මතක් කරගන්නයි පොඩ්ඩක් මේ ටික ලියන්න හිතුව.කන්දෙ ගෙදර කියන්නේ ඒ කාලෙ අපේ අය බොහොම ආසාවෙන් පොරකාල බලපු නාට්ටියක්! කොච්චර ජනප්‍රිය වුනාද කියනවනම් දෙවනි කොටසකුත් නිර්මාණය කලා.අධ්‍යක්ෂනය කලේ ආනන්ද අබේනායක කියන ප්‍රවීණ අධ්‍යක්ෂකවරයා.ඔය දැනටත් කාලාන්තරයක් තිස්සේ පෝයදා රෑට විකාශය වෙන සංසාරේ පියසටහන් කරන්නේත් මෙතුමාම තමයි.අපේ ගාල්ලෙ කෙනෙක්!කැමරාකරණයත් සම්මානනීය කැමරා ශිල්පී සමන් සිගේරාගෙන්.සංගීත අධ්‍යක්ෂනය රෝහන වීරසිංහගෙන්.ඉතින්... නාටිට්යේ සාර්ථකත්වය ගැන තව මොන කතාද?

කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ පවුලක් වටා.

මෙන්න රඟපාන රංගන ශිල්පීන් හා ඔවුන්ගේ චරිත

රෝහන බැද්දගේ-පියා
රම්‍යා වනිගසේකර-මව
ජයලත් මනෝරත්න-වැඩිමහල් පුතා
වීනා ජයකොඩි-ඔහුගේ බිරිඳ
ශ්‍රියන්ත මෙන්ඩිස්-බෑණා
ජැක්සන් ඇන්තනි-බාල පුතා

මේ නාට්‍ය අද කාලෙ බලන ගොඩක් අයට පේන්න තියෙන විශේෂ දේවල් කීපයක් දුලා දැක්කා.එකක් තමයි රඟන නළු,නිළියො අද වෙනකොට කොච්චර වෙනස් වෙලා තියෙනවද කියන එක.අනික 80 දශකයේ මිනිස්සුන්ගේ ඇඳුම් විලාසිතා,වාහන,සිතුම් පැතුම් සියල්ල ඉබේටම ඇතුළත් වීම.ඒ කියන්නෙ සිරි පැරකුම්, වගේ කෘතිමව නෙමෙයි අතීතය නිරූපනය වෙන්නේ.ඇත්තටම තමන්ගෙ අතීතය නැවත සිහිපත් වීමක් ඔබටත් වේවි!

කැමති එවුන් බලාපල්ල.ඔන්න මගෙන් වෙන්න ඕන ටික කලා.

ප:ලි: කන්දෙ ගෙදර සම්පූර්ණයෙන්ම රූගත කරල තියෙන්නේ ගාල්ලෙ.ඔය කන්දෙ ගෙදර වලව්වෙ දැන් තියෙන හැටි පින්තූරයක් ළඟදීම දන්නනම්!
අපි ගාල්ලෙ හරිය...

SHARE
    Blogger Comment
    Facebook Comment

67 comments:

  1. කොහේද බං කන්දේ ගෙදර තියෙන්නේ.. ගාල්ලේ කිව්වට ඉතිං උඹ ගාල්ලේ නෙමෙයි නේ...

    ReplyDelete
    Replies
    1. අඩෝව් දේශ්, උබ අදත් බීල නේද?
      මම ගාල්ලෙ,පෝද්දල.කන්දෙ ගෙදර shoot කලේ අපේ තාත්තගේ මහගෙදර කිට්ටුව...
      ඒ පැත්තෙ ගිය වෙලාවක පොටෝ එකක් දාන්නම් කිව්වේ ඒකයි බොලේ...

      Delete
  2. ආසාවෙන් බෑලුවා මතකයි.ආපහු බලමු

    ReplyDelete
    Replies
    1. අනිවා බලපන්...
      මෙව්වා දුර්ලභයි!

      Delete
  3. ජැක්සන් ගැන කියන්න ඕනේ නැහැනේ.ආනන්ද අබේනායක කාගේ කවුදැයි දැනගත්තම ඔය ටෙලිය නැවත විකාශය වීම පුදුමයක් නෙවේ.

    ReplyDelete
    Replies
    1. @ඇනෝවරයා

      තව ටිකක් හිතන්න පුතා!
      ජැක්සන් ඇන්තනිගේ උවමනාවට මේක විකාශය කලා කියන්න බෑ.මොකද මිනිහ ඊට වඩා ප්‍රතිභාව පෙන්නපුවා තියෙනවා.ඇයි පළිඟු මැනිකේ? සුසීමා?

      Delete
    2. ජැකා දැන් පෙන්වන ප්‍රතිභාව ඒ ඔක්කොටම වඩා ඉහලයි.

      Delete
    3. දැන් රාජ අනුග්‍රහය ලැබෙනවනෙ..

      Delete
  4. ඔය නාට්ටියේ මම ආසම චරිතේ තමයි ආනන්ද වික්‍රමගේ කරන එක... චරිතේ නම මතක නැ ඒත් කෙරුවාවනම් හොදට මතකයි බ්‍රෝකර් වැඩ කර කර .... මිනිස්සුන්ව අමාරුවේ දන කැලි .... අන්තිමට කට්ටිය රට යවන ඒජන්සියක් පටන් අරන් දෙන ගේම් ...... පුදුම්ර් කියන්නේ අදටත් ඒ වගේ චරිත ඇත්තටම ඉන්න එකනේ ...../... ඒ නිසා කවදාටත් රස විදින්න පුළුවන් නාට්ටියක්

    එක නෙවි කොහොම උනත් උබ රජාගේ පුතාගේ මමන්ඩියට එහෙම කඩේ යනවා නෙවෙයිනේ මේ අපිවත් මෝඩයට අන්ද ගෙන ???????

    ReplyDelete
    Replies
    1. ලොක්කා
      ආනන්ද වික්‍රමගේ නෙමෙයි සිරිල් වික්‍රමගේ ඉන්නෙ,

      Delete
    2. ඔව් ආනන්ද වික්‍රමගේ නෙවෙයි රාල, සිරිල් වික්‍රමගේ.

      //පුදුම්ර් කියන්නේ අදටත් ඒ වගේ චරිත ඇත්තටම ඉන්න එකනේ ...../... ඒ නිසා කවදාටත් රස විදින්න පුළුවන් නාට්ටියක් //
      ඒ කියන්නේ සර්වකාලීන බව.ඒකයි කියන්නේ ඉස්සර නාට්ටි සම්භාව්‍යයි කියලා...

      Delete
    3. මතක විදියට ඒ චරිතය අල්මේදා. අල්මේදා වෙල් ආඳා කියලා තමා බුවාගේ ලණු කාපු එවුන් බනින්නේ

      Delete
    4. ඔව් අල්මේදා තමයි !

      සිරිල් වික්‍රමගේත් තමන් රඟපෑ හොඳම නාට්ටියක් ලෙස මේක සලකනවා. මෙන්න බලන්න!

      Delete
    5. සිරිල් වික්‍රමගේගේ චරිචය තමයි මටත් අල්ලලා ගියේ. මේ කතාවේ ස්රියන්තගේ නම සුභාෂ් නිසා මට අමතක වෙන්නේ නෑ. කාලගුණේ හිටියෙත් මේ කතාවේ නේද ?

      Delete
    6. අප්පට සිරි උදේ පාන්දරම විදලානේ මම ..... සිරිල් වික්‍රම ගේ තමයි ......

      Delete
    7. @සුදීක

      ඔබතුමාගෙ නම සුභාෂ්නෙ ඒකයි මතක තිබ්බෙ නේ?
      මටත් ඔය කතාවෙ ජැකාගෙ නම සඳුන් කියලා මතක තිබ්බෙ ඔය වගේ තමයි!

      Delete
  5. මම දාපු පෝස්ට් එකක් මැකිලා , ඒ මදිවට මම පබ්ලිෂ්කරන එව්වා පබ්ලිෂ් වෙන්නෙත් නැ, වදෙන් පොරෙන් පබ්ලිෂ් කරහම බ්ලොග් රෝල් වලට යන්නේ නැ අනේ උදව් කරහං බං

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉඳහන්කො බලන්න මං එන්නම්

      Delete
  6. මටනම් බලන්න වෙලාවක් නැහැ. ඉස්කෝලේ වැඩ ගෙදර වැඩ.මේකේ වැඩ. ටීවී බලන්නෙම නැහැ. කාමරේ ඉන්නකොට ඇහෙනවා විතරයි. :D
    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. මටත් ටීවී බලන්න වෙලාවක් නෑ බං
      හැබැයි මේ වගේ එකක් නොබල ඉන්නෙත් නෑ!

      Delete
  7. දූලා උබ වේලාවකට බූලා උනත් නරකමත් නෑ. හැබැයි ඉතින් ඔය ජැකාලානම් මේ කා ට පෙන්නන්න බෑනේ. ඕකුන් දැන් ජැක ගහන් ඉන්නේ කොහෙටද කියලා උබ දන්නොවා නොවැ. පංපලාගේ ගමේ සූර කතාවලට දැන් ජැකාලට ඉඩක් නැහැ බං. උන් ඔක්කෝම රූකඩ, ලාකඩ, මලකඩ නොවැ.
    - මම කා (Ka) සාටකේට යටවූ ගෝල් දේශේ සිට ලියමි.

    ReplyDelete
    Replies
    1. ජැකාගේ ජැක නරපතිටනේ...
      ගනන් ගන්න එපා ඔව්ව ඔහොම තමයි !
      රූකාන්තයත් ඔය යස අගේට සමාව දෙන්න කැමති වුනේ...

      Delete
  8. දොඩන්දූව හරියෙත් රූගත කරල තිබුන වගේ මතකයි සමහර කොටස්...ඕය පොල්වත්තෙ ඒව වෙන්න ඇති.
    මුලින්ම යන ස්තූති පෙරවදනෙ ඇති මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ හරියෙත් ගහන්න ඇති!
      හැබැයි කන්දෙ ගෙදර වලව්ව තියෙන්නේ තෙලිකඩ

      Delete
  9. ඒ නාටකේ මේ දෙබස නැහැ නේද?
    “අපි දෙන්නව වෙන් කරන්න මේ ලෝකේ කාටවත්ම බෑ රත්තරං“

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ඒවා දේශක නාට්ටි වල තියෙන්නේ.

      Delete
    2. කාටවත් බෑ කිව්වට,දේශකයට ඕව වෙන් කරන්න සිද්ධ වේවි.නැද්ද කෙන්ජියෝ?

      Delete
  10. ගම ගාල්ලේ උනාට වැඩ නම් පුළුවන් බව පේනවා :-) :-)
    ඇයි බොල කාලගුණේ (ගුණරත්න රංහොටි)අමතකද?
    කන්දෙ ගෙදර වලව්වට යන හැටිත් පින්තුරේ එක්ක දාන්න

    ReplyDelete
    Replies
    1. අද නේද මුලින්ම ආවෙ! දුලාගෙ අඩවියට සාදරයෙන් පිළිගන්නවා!
      ගාල්ලෙ කව්රුත් දක්සයෝ! ඒකනෙ ඔය කියමන් ගොඩක් තියෙන්නෙ.
      ළඟදිම පොටෝ එකක් දාන්නම්!

      Delete
  11. කන්දෙ ගෙදර අපූරු නාට්‍යයක් තමා. දැන් යන ඔය බඩ වල් නාට්‍ය කාරයින්ට ඔවුන්ගෙන් ගන්න කොච්චර දේවල් තියනවද ! අදටත් හොඳ ටෙලියක් හැදුවොත් ඒ රූපවාහිනියෙන්ම විතරයි. කාළකණ්නි නයිටීඑන් එක රටත් කන ගමන් ටෙලි කලාවත් කලා ඉවරයි..

    ReplyDelete
    Replies
    1. සෙන්නා,
      මම ඔය අයිටීඑන් එකේ කෙරුවාව ගැනත් සඳහන් කරා ටෙලි නාට්‍ය ඉතිහාසය කලින් ලිපියෙ. මෙන්න කියවන්න!

      Delete
  12. මමත් අහන්නම හිටියේ මේ නාට්ටිය ඒ කාලේ අපි බැලුවේ කාලගුනේ (ගුණරත්න රන්හොටී )නිසා කෝ එයාගේ නම දාලා නෑනේ. අද කාලේ වචන වැලි කියනවානම් පට්ටම නාට්ටියක්, තව තිබුනා
    පලිඟු මැණිකේ.
    ගමන,
    රන් කහවණු,

    ReplyDelete
    Replies
    1. ඔව් කාලගුනේ අමතක වුනා! දාන්නම්!

      Delete
  13. මම නම් ඒ කාලේ තිබුන නාට්‍ය වලින් ආසම සුසීමා නාට්‍යාට... මේ නාට්‍යාත් යන්තමින් බැලුවා වගේ මතකයක් තියෙනවා ..කොහොම උනත් දැන් කාලෙට වඩා ඒ කාලේ නාට්‍ය දියුණු තත්වෙක තිබුනා.. තාක්ෂනය නොදියුණු උනත් රංගන ශිල්පීන්ගේ දක්ෂකම් අදත් එක්ක සංසන්දනය කරද්දී ගොඩක් උසස් තත්වෙන් තිබුනා ..

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ චමියො ඕකට හේතුව වාණිජකරණය.එදා පිටපත් රචකයට,අධ්‍යක්ශක වරයට නිදහස තිබ්බා.අද වාණිජ බැදීම් වලින් ඒවා සීමා වෙලා.වැඩියෙන් අනුග්‍රහය ලැබෙන්නේ ඔය දැන් යන ජාතියෙ එක වගේම මෙගාවලට.

      Delete
  14. අද ජැකා ඉන්න තැන කුමක් වුවත් ටෙලිය හොඳයි

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නේ...
      තැන්කූ රාජ්

      Delete
  15. අගේ ඇති වැඩක්.

    ReplyDelete
    Replies
    1. නාට්ටියද? පෝස්ට් එකද?

      Delete
  16. ඔව්ව එවර්ග්‍රීන් ටෙලි දුලෝ,කිසි දවසක රස නැසෙන්නේ නෑ...ඒ දවස්වල පෙන්නපු ටෙලි වල තියෙන රස දන්න නිසා තමයි මම දැන් හදන ඒවා බලන්නේ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. මාත් දැන් ඒවයින් බලන්නෙ කෝරළේ මහත්තයා විතරයි!
      තැන්කූ හැලපතුමා

      Delete
  17. මචං ෆලෝවර් ගැජට් එක උඩට ගනින්. හොයල පන ගියා

    ReplyDelete
    Replies
    1. ඇයි හත්වලාමේ ඔය උඩ ඉඳන් තුන් වෙනි තැනනෙ තියෙන්නේ...

      Delete
  18. විලි ලජ්ජහවක් නැතිව ගෙදර ඔක්කොටම එකට ඉඳන් බලන්න පුළුවන් දේවල් පුරාතනයේ තිබුනෝය.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒවගේ ඒකක් ආයෙ ආවාම උබලත් එක්ක බෙදාගන්න හදන්නෙ...
      තැන්කූ සහෝ

      Delete
  19. ඔය යුගයේ ගිය තවත් හොඳ කතාවක් තමයි රටගිය ඇත්තෝ. ඊට පසු කාලෙක ගිය හොඳ කතාවක් කඩුල්ල.

    ReplyDelete
    Replies
    1. කඩුල්ලත් හොඳ ටෙලියක්! කොහෙද ඉතින් මේවා ලේසියෙන් ආයෙ පෙන්නන්නේ නෑ නෙ කන්නන්ගර මහත්තයා...

      Delete
  20. අමතක නොවෙන නිර්මාණ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සදා අමරණීයයි

      Delete
  21. මෙව්වයෙ රහ විස්තර කොරන්න වචන නෑ...

    ReplyDelete
    Replies
    1. මෙව්වා ඉතින් රස වෑහෙන නිර්මාණ නොවැ ලොක්කා

      Delete
  22. කැමැත්තෙන් බලපු ටෙලිනාට්‍යයක්.දැන් පෙන්වන අතීසාර නවත්වලා හරිහමන් පරණ එකක් පෙන්නුවානම් කාටත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අරූ
      ඒත් අනුග්‍රාහකයෝ හොයාගන්න අමාරුය කියන්නේ...

      Delete
  23. කවදාටත් රස විදින්න පුළුවන් නාට්ටියක්. සම්භාව්‍යයි ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ ... සදාඅමරණීයයි;උත්කෘෂ්ටයි;විශිෂ්ටයි

      Delete
  24. අළුත් මල ඉලවු වලට වැඩිය හොඳයි... අපිට ඉතින් බලන්න වෙන්නෙ ජංජාලෙන් තමයි

    ReplyDelete
    Replies
    1. කොහොම හරි කමක් නෑ. බලන එක වටිනවා සරත් අයියෙ

      Delete
  25. මමත් හොය හොයා හිටිය කතාවක් තමා.... අපිත් ගාල්ලෙ හරිය... ඕන දේකට....

    ReplyDelete
    Replies
    1. තවත් ගාල්ලෙ පොරක් එකතු වුනා එහෙනම්!
      බොහොම සන්තෝසයි!

      Delete
  26. මම දැක්ක ඇඩ් එක යනවා ජාතික එකේ

    ReplyDelete
    Replies
    1. මේ දුලාට මක් වෙලයි?....................:D

      Delete
  27. කාට හරි කතවෙ ලින්ක් එක දාන්න පුලුවන්ද?

    ReplyDelete
  28. තෑන්ස් මචෝ පරණ මතකය ඇවිස්සුවාට. බලහංකෝ බං එදයි අදයි වෙනස. අද ටෙලි මෙලෝ රහක් නෑ....................

    ReplyDelete

ඔබේ අදහසත් මෙතන කොටල යන්න අමතක කරන්න එපා!
කියවන අයට ඒකෙනුත් ගන්න දෙයක් තියේවි!
ඒ වගේම මටත් ලොකු හයියක්!