දැන් දැන් ඡන්ද උණුසුම වැඩි වෙමින් පවතී.හැම පක්සයක්ම ලහි ලහියේ තරගයට සූදනාම් වෙනවාය.උඩින්ම දිනීමේ හැකියාව ඇතත් ආන්ඩුවත් සෑහෙන ගේමක් අදින්නේය.සාමාන්‍යයෙන් ඡන්ද කාලෙට බඩු මිල උස්සන්නේ නැතිය.මිනිස්සු ඡන්ද වලට කැමතිත් ඒකය.ඒත් ඔන්න අද රෑ කිරිපිටි මිල ඉහල දමනවා කියන්නේය.මේ යන යෑමට කිරිපිටි මිල කොතනක නවතී දැයි කියන්නට බැරිය.
උද්ධමනය කොච්චර ඉහල වුනත් ඕනෑම ඡන්ද්යකින් ආන්ඩුව ඉහලින්ම දිනන්නේය.ඒ වෙන හේතුවක් නිසා නොව මහින්ද ලොක්කා නිසාය.මහින්දට මිනිස්සු ආදරයේය.ඊටත් වඩා ඡන්ද දිනන්නට මුන්නැහැ මරු ගේම් අදින්නේය.මං හැමදාමත් කියන්නේ එදා මෙදා තුර ලංකාවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ගේම්කරුවා මහින්ද මහත්තයා කියාය.ඔහු අදින ගේම් ගැන අපිට හිතන්නටත් බැරිය.වරක් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී කාලේ මිනීමැරුමකට පැටලුනේය.හිරේත් ගියේය.ඔය අතරේ මවගේ අවමංගල්‍යය සිදුවුන නිසා බන්ධනාගාරයෙන් මොහුව මළගමට කැඳවාගෙන ආවේය.ඒ වෙලාවේ ඇවිත් හිටිය ජනතාව ඉදිරියේ මාංචු පිටින්ම කිව්වේ "මැදමුලන ජනතාව වෙනුවෙන් මං එක වතාවක් නෙවේ දහවතාවක් වුනත් එල්ලුම් ගහට යන්නට සූදානම්" කියලාය.මනුස්සයෙකුට එකවතාවකට වඩා එල්ලුම් ගස් යෑමට නොහැකි බව අමතක උනා වෙන්නට ඇතිය.හිරේ යාම පවා මනාප වලට හරවා ගත් හැටිය.කලින් ඡන්දෙට සිංදු කියන අලි පැටියා ඇද දමා කප් ගසා දින්නේය.
එසේම මෙදා පොටේ ඡන්දෙටත් හෙන ගේම් තොගයක් ඇත.ප්‍රධාන වශයෙන්ම 2කි.
1.කල් යල් බලා ජිනීවා මානව හිමිකම් කේස් එක ඇදෙන සමයටම ඡන්දය පැවැත්වීම
- රට විදෙස් බලවේග මගින් පහර කන බව පෙන්වා ජනතාවගේ දේශානුරාගය නංවා ඡන්ද ගැනීම
2.දක්ෂින අධිවේගී මාර්ගයේ මාතර සිට ගාල්ල දක්වා කොටස ඡන්දයට ඔන්න මෙන්න තියා විවෘත කිරීම.(ජහමනයගේ දැක්මට දිනයක් නියම කරල,එදාට ලොක්කත් පයින්ම යාවි )
-ඒකෙන් මාතර,හම්බන්තොට දෙකේම ඡන්ද ගොඩ වැඩි කරගත හැකිය.
එව්වා කෙසේ වෙතත් රටේම අවධානය මෙවර ඡන්දෙ ඉල්ලන කලාකාරී කෑලි ටික ගැනය.මම නම් කාන්තාවන් දේසපාලනයට එනවාට කිසි අකමැත්තක් නැත.එහෙත් මේ එන ගොඩක් එකියන් සිතා සිටින්නේ ඔවුන් මහා වැඩර්ලා ලෙසය.ඒක නිසා මට මොවුන්ගෙන් සමහරක් පෙන්නට බැරිය.
_____________________________________________________________________ගයේශා පෙරේරා

මව්බිම මාධ්‍යවේදියා:- ඔබේ ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝපට තවමත් අන්තර්ජාලය හරහා සංසරණය වෙනවා. ඒක මේ ඡන්දෙදි ඔබට ලොකු අවාසියක් වෙයි නේද?
ගයේශා:- ඒ චරිතය පුදුමාකාර විදියට මාධ්‍ය අතරට යන්න උදව් කලා.මම එලියට බැස්සාම දෙදාහක් තුන්දාහක් මා වටාඑක්රැස්වෙනවා.මිනිස්සුන්ට පුදුමාකාර බුද්ධියක් තියෙනවා.
චිත්රපටයකයි මනුෂ්‍යයෙකුගේ පුද්ගල ජීවිතයයි දෙකක් කියලා හොඳටම අඳුරගන්නවා.ලක්ශය පන්නලා ඡන්ද අරගෙන ඉතිහාසයේ කවදාවත් දිනුවෙ නැති විදියට මේ පාර එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කෙරෙව්වට පස්සෙ කාටත් බලාගන්න පුලුවන්.
ඉරිදා මවුබිම 2014 ජන. 26____________________________________________________________________
ඔන්න ඔහොමයි තමන් ගැන ඇය සිතා ඉන්නේ.නමුත් ඇත්තම කතන්දරය නම් බොහෝ දෙනෙකු රංගන ශිල්පියෙකු දෙස බලන්නේ ඇය රගපාන චරිතවල අනුගත කෝණයකින්ය.පබාට එකල එපමණ මනාප තොගයක් ලැබුනේත් ඒ නිසාය.සුමනා ගෝමස්ට රටේ ඉන්න බැරි වුනේත් ඒ නිසාය.ඔන්න සංගීතා බහුභාර්යාහි රඟ පෑ විදිහට නම් එය රංගනයේ කොටසක් පමණක් බව මිනිසුන්ට වැටහුනාය.ඇය කිසිම ලිංගික අවයවයක් නොපෙන්වූ අතර ජනතා අප්‍රසාදයක් එල්ල වුනේද නැත.නමුත් ෆල්යිං ෆිශ් එසේ නොවේය.අමු හෙලුවැල්ලෙන්ය.අඩුම ගාණේ තමන් රඟපාන්නේ ලංකාව වැනි සඟිස්කෘතියක් ඇති රටක බව වත් සිතා නැත්තේය.දැන් ඇයට ලැබී ඇත්තේ "රියල් බඩුවක්" යන ලේබලයය.අර කියන විදියට 2000ක් 3000ක් එක් රැස් වෙන්නේ සජීවීව එය දැක බලා ගැනීමටයි.ඒ බව ඇගේ ෆේස්බුක් පින්තූර වලට කොටන සිය ගණනක් කමෙන්ට් වලින් පෙනෙන්නේය.
(ක්ලික් කර ලොකුවට බලන්න)
______________________________________________________________________________________
ගීතා කුමාරසිංහ
ලංකාදීප මාධ්‍යවේදියා: ඔබ තරග වදින්නේ මහ ඇමති ධූරය බලාගෙන ඇයි ඒ තනතුරම අවශ්‍ය?
ගීතා: ජනතාවගේ කැමැත්ත උරගා බලන්න මෙය හොඳ අවස්ථාවක්.ඒ හින්දයි මම් මෙවර ඉදිරිපත් වුණේ.ඒ තුළින් මට ලොකු සේවයක් කරන්න පුලුවන්.නිකම් පළා බබෙක් වෙලා වැඩක් නෑ.මම ඉල්ලන්නේ මහ ඇමති ධූරයටයි.පසුගිය කාලයේ හරියට අසාධාරණකම් ගාල්ල
දිස්ත්‍රික්කයට සිදුවී තිබෙනවා...ඉරිදා ලංකාදීප ජන.26
_____________________________________________________________________
ගාල්ලට අසාධාරණකම් වූ බව කියන්නේ කටින්ද දන්නේ නැතිය.ගාල්ලට, හිටපු මහ ඇමති ශාන්ගෙන් ඉටු වූ සේවය දන්නේ ගාල්ලේ ජනතාවයි.ගම්වල ගෙවල් දෙක තුනකට යන පාරවල් පවා හැදිලාය.ජාත්‍යන්තර මට්ටමේ බස් නැවතුම්පොලක් ඉදි කර දුන්නේය.අධ්‍යාපනයට කල සේවය අති මහත්ය.ප්‍රධාන විභාග තුනටම සම්මන්ත්රණ ක්‍රමයක් ඇති කලේය.ඒවායින් දිවයිනේම ප්‍රථමයන් ගාල්ලෙන් බිහි වුණේ ඒ නිසාය.කල දේවල් කියන්නට ගියොත් පෝස්ටුව ඉවර කරන්නට වෙන්නේ නැතිය.
ඇය සිතා සිටින්නේ ගාල්ලේ ජනතාව ඇයට මහ ඉහලින් මනාප පූජා කොට මහඇමති කරනු ඇති කියාය.පලාත් සභා මන්ත්‍රීන්ට පොන්නයා යයි ප්‍රසිද්ධියේ බැන වදිමින් තිබුනු ටිකත් නැති කරගත්තාය.
ජින්ජර්,රුවන්ති ගැන කීමට වරදක් නැත.නමුත් දුලීකා මාරපන වැන්නියක් දේසපාලනයට එක් වූවා නම් මීට වඩා වැඩක් කෙරෙනු ඇතිය.සීනි බෝල කෑලි ඡන්දයෙන් පසු දිය වී යන්නේය.
කෙසේ වෙතත් අවසන් වශයෙන් කීමට ඇත්තේ මෙවරත් දකුනු පලාත් සභා මැතිවරණයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් රැස් කරන්නේ ශාන් විජයලාල් බවයි.90% ක්ම ඉඩ ඇත්තේ ඔහුට මහඇමති ධූරය ලැබීමටය.එහෙත් මාතර චන්දිමා රාසපුත්‍රට ලැබීමටද බැරි නැත.(ගාල්ලට පිට පිටම මහ ඇමති ධූරය හිමි වුනු නිසා) තෙවනි බලවේගය ෆොන්සේකාගේ පක්සය ඊමට ඉඩ තිබුණත් අද දින ජවිපෙ සිදු වූ නායකත්ව සංශෝදනයත් සමග එය වෙනස් වීමටද ඉඩ ඇත.
- Sandun Dulanjana (Dula)
සංවාදයට ඉඩ....
ප/ලි : කාලෙකින් අප්ඩේට් නොවුනු නිසා සමහරක් අය බ්ලොගය සින්ඩිවලින් අයින් කරලා.ඒවටත් නැවත දුලාගේ අඩවිය එකතු කරලා, බ්ලොග් රෝල්වලටත් එකතු කරලා සහය වන්න.
ආ.... මචෝ උඹ ශාන්ලාල් ගේ කොන්ත්‍රාත් ද බං කොරන්නෙ?
ReplyDeleteනෑ කෙන්ජියෝ අපි පාරම්පරික යූ.ඇන්.පී කාරයෝ.ඒත් ශාන් දකුණට වැඩක් කලා.දකුනේ හුගක් පොඩි එවුන්ගෙ ගෙවල් වල තියෙන මලලසේකර ඩික්සොනරිය පවා ශාන් දීපුවා.වෙන එක දේසපාලුවෙක් ඔහොම වැඩ කරලා නෑ.
Deleteමම ශාන්ලාල් බෝලය කරන දේවල් දන්නා නිසයි මචෝ ඇහැව්වේ..
Deleteඑයා කුරුදු මුදලාලිලාගේ සල්ලි වලින් සාරි වගේ දේවල් බෙදන්න යක්ෂයා.
දක්ශයා ලෙස නිවැරදි විය යුතුයි
Deleteදුලා මොකද කන්දේ ගෙදරම මෙතරම් ආස...මම ඇහුවේ උඩම තියෙන පින්තූරේ කන්දෙගෙදර නිසා. ඇත්තටම් කිව්වොත් දැන් මට දේශපාලනය ගැන විහිලු කරන්නට ,ප්‍රහසන ලියන්නට මිසක් සීරියස් කතා කරන්නට නොසිතේ . නමුත් එකක් කිව හැකිය මෙවර මහා ඇමති කම නම් ශාන් ලාල්ට ලැබෙන්නේ නැත.
ReplyDeleteමට නං හිතෙන්නෙ මෙදාත් ශාන් කියල.
Delete@ඉවාන්
Deleteමේ දවස්වල විකාසයවෙන, ලංකාවේ කමට බලන්න පුලුවන්, එකම එක "ටෙලි වෘතාන්තය" මේක නිසා.
(ඇරෝ,ටුමෝරෝ පීප්ල් වගේ CW,HBO එකේ යන නාට්ටි අතරේ බලන එකම අපේ නිර්මාණය )
@රාජ්
මටත් හිතෙන්නේ එහෙම තමයි
//මෙවරත් දකුනු පලාත් සභා මැතිවරණයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් රැස් කරන්නේ ශාන් විජයලාල් බවයි//
ReplyDeleteඇයි ගියවරත් එහෙම උනාද?
ගිය සැරේත්(2009) වැඩිම මනාප.
Delete2004 ත් මහ ඇමති
නිළියන් පිළිබඳ ලියවුනු අනෙක් ළිපි වගේම, මේකෙත් තියෙන්නේ පුරුෂාධිපත්‍යයට හෙන වැදීමේ හෙළුව පමණමයි. ඒ ඇරෙන්න මෙතන් බියුටි කියන එක එක්ක තියෙන ඉරිසියාවකුත් පැහැදිලිව පේනවා. දුලා කතා කරන නිළියෝ දෙන්නම සමස්ත පිලිගැනීම අනුව බොහෝම ලස්සන නිළියො. ඒත් එයාට, බැකුවලට වංචා කරාපු, දුලිකා මාර පන විහාර මහා දේවියක්. මේවා තමයි බයිලා කියන්නේ. පලාත් සභාවේ ඉන්න ඔක්කොම මට නම් සීනී බෝල. අනික ගාල්ල බස් ඉස්ටෑන්ඩ් එක හැදුවේ මහ ඇමති නෙමෙයි. ඒක මහින්ද රාජපක්ෂ මුල් වෙලා කරපු දෙයක්. ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකත් එහෙමයි.
ReplyDeleteමහ ඇමති කරාපු මෙළෝ දෙයක් නෑ කියලා කියන්නෙත් ගාල්ලේ ජනතාව. මාතර තියෙන දියුණුව ගාල්ලේ තියෙනවාද. අඩුම ගානේ හම්බන්තොට තියෙන දියුණුවවත් තියෙනවද. මට නම් ශාන් කියන්නෙත් සීනී බෝලයක්. ශාන් නෙමෙයි ගොඩාක් දේශපාලුවෝ සීනී බෝල, සමහර උන් බුලත් විට.
නිලියන්,කාන්තාවන් කවුරු ඡන්දෙ ඉල්ලුවත් මට ප්‍රශ්නයක් නෑ.සමහරු කියනවනෙ මොවුන්ට මොන සුදුසුකම්ද කියල.ඒ කතන්දරේටත් මං විරුද්ධයි.ඉන්න පලා බබාලගෙ සුදුසුකම් වල හැටියට මේගොල්ලන්ගෙ සුදුසුකම් හොඳටම ප්‍රමාණවත්.
Deleteනදීශලාට,අනර්කලීලාට,රුවන්තිලාට,ජින්ජර්ලාට මොකවත් කියන්නේ නැත්තේ ඒකයි.නමුත් මොවුන් දෙන්නා ඊට වඩා වෙනස්.තමන් ගැන අධිතක්සේරුවෙන් කට මැත දොඩවනවා.
මාතලන්ට මුන් දෙන්නා බියුටි කෑලි දෙකක්ය.මටනම් නදීශා හේමමලිගේ අහලකින්වත් මේ දෙන්නා තැබිය නොහැක.හැබැයි ඇය මෙවන් පඩ කතා නොකියන්නීය.
අපට නම් 2009ට වඩා ගාල්ල සෑහෙන දියුණු වෙලාය.කවුරු හැදුවත් බස් ස්ටෑන්ඩ් ඒකත් ශාන්ගේ කාඩ් එකට එකතු වී හමාරය.
ගාල්ලේ ජනතාව අපිය.මහ ඇමති කරාපු මෙළෝ දෙයක් නෑ කියලා කියන්නෙත් ගාල්ලේ ජනතාව නොවේ.ශාන් සමග පොරයට වැටෙන ඔහුගේම පාක්ශිකයන්ය.වැඩියෙන්ම කියන්නේ ඔය ගීතාය.
මුට මොකක් හරි කියහන්කො මාතලන්
Deleteමචන් මමත් ඉන්නෙ උඹලගෙ ගමෙ තමයි. මාතලන් කියනවා වගෙ මාතර, හම්බන්තොට එක්ක බැලුවම ගාල්ලෙ ලොකු දියුණුවක් නම් වෙල නැ.......
Deleteකියන්න දෙයක් නෑ මගේ අම්මගේ ගෙදර දංගෙදර ගාල්ලේ ටවුමට අපි පයින් එන්නේ. සුනාමියට පින් සිද්ද වෙන්න ගාල්ලේ බස් ඉස්ටෑන්ඩ් එක හැදුවේ මහ ආන්ඩුවේ ප්‍රොජෙක්ට් එකක් විදියට. මහ ඇමති කරන්න ඕන බබාලට මලලසේකර ඩික්ෂනරි දෙන එකද. පොර හොඳ මනුස්සයෙක්, ගම්මන්පිල වගේ ඒත් මෙලෝ රහක් නෑ. ඒක නේ මුතුහෙට්ටියා ඇවිත් බට කපලා යන්නේ. අන්තිමට බැසිල් තමයි මුතූට බනින්නේ.. හම්බන්තොට පාරවල් බලන්න ලස්සනයි.. මේ යකා ගාල්ලට තියා අම්බලන්ගොඩට මෙලෝ දෙයක් කරලා නෑ.. අමබලන්ගොඩ පාරවල් වල වලවල් පිරිලා.. මූ හිතන්නේ අපි තුම්පනේ කියලා.. අපිත් ගාල්ලෙ හොඳෙයි..
Deleteමමත් මෙතනදි කෙලිනම කියන්නම්.දකුණෙ අනිත් දිස්ත්‍රික්ක දෙක එක්ක බලද්දි ගල්ලෙ දියුනුව ගෙඩාක් අඩුයි.ශාන් ඔය කියන තරම් ලොකු වැඩක් කලා කියන එකත් පිලිගන්න බැ.හැබැයි සාදාරනව වැඩ කලා කියල විස්වාස කරන මෙත්සිරිව එලවන එකනම් කලා.ගල්ලෙ බස් ස්ටැන්ඩ් එක ශාන් කලා කියල කවුරුවත් හිතන්නෙත් නැ.එක මධ්‍යම ආන්ඩුවෙ වැඩක් කියල දන්නව.
Deleteශාන්..මෙලෝ රහක් නෑ...බං...ඔහේ වැල වගේ ඉන්නව,පහුගිය සැරේ..අධ්‍යාපන අමාත්‍යංශය රාසපුත්‍රට දුන්නෙත් ඒ නිසා. වෙන පලාත් බොහෝ වල අධ්‍යාපනය දීල තියෙන්නෙ මහ ඇමතිටනෙ. රාසපුත්ර වැඩපෙන්නල තියෙන්නෙ.
Deleteකොහොම උනත් අම්බලන්ගොඩ කිට්ටුව ඉන්න අපේ පැත්තට නම් කිසිම දෙයක් කරල නැහැ.
ශිකේ.... උබල මාව කෑවා
Deleteඡන්දෙ ලංවෙනකොට ආයෙම කිරිපිටි මිල අඩුවෙන්ට බැරිනෑ!
ReplyDeleteඔව් එහෙම වෙයි.සමහරු දැන් කිරිපිටි බොන්නෙත් නෑ.ප්ලේන්ටියට බැහැල.ආස්චර්ය නෙ බන්
Deleteමචන් උබ උඩ දාලා තියෙන ජැකාගේ පොටෝ එකෙන් උබේ වැදගත් කමට ප්‍රශ්නයක් වෙනවා නේද ?
ReplyDeleteගොඩක් ලිපි වල තියෙන්නේ 18+ පින්තූරනේ බන්.ඊට වඩා වැදගත්කමට ප්‍රශ්නයක් එතකොට
Deleteවෙන දාන්න එකකුත් නෑ.අනිත් එක ඔය ජැකා නෙවෙයි.කන්දෙ ගෙදර.ජැකා විතරක් නෙවේ.සුසන්තා චන්ද්රමාලිත් ඉන්නවනෙ.
කෙසේ වුවත් අපරාදෙ සැක්සි මන්ත්රීතුමියකට දෙන්න තිබ්බ මනාපෙ.
ReplyDeleteහැක් හැක්
Deleteකොම උනත් මට නම් කියන්න ඇත්තෙ මේ නිළියන් දේශපාලනයට එන්නෙ නොදන්න කම නිසා වෙන්න ඇති,එක්කො සල්ලි හම්බ කර ගන්න හිතාගෙන වෙන්න ඇති ,කොම උනත් මේ දෙවල් අපේ රටේ ලොක්කො ප්‍රශ්න අමතක කොරන්න කාලෙන් කාලෙට නටන විකාර සංදර්ශනය විතරයි ,
ReplyDeleteවිශේෂයෙන්ම තමන්ගේ ජනප්‍රියත්වයෙන් අයුතු ප්‍රයෝජන ගන්න.
Delete//මං හැමදාමත් කියන්නේ එදා මෙදා තුර ලංකාවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ගේම්කරුවා මහින්ද මහත්තයා කියාය.//
ReplyDeleteහ්ම්ම්.. මිනිස්සුන්ට තියන (ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇති වුනු) ජීවන බර තමයි ගැටලුව. ඒක අමතක කලාම මාත් දුලා කිව්ව කතාවට එකඟයි. මෙච්චර ප්‍රශ්ණ තියන මිනිස්සු ඉන්න රටක් වෙලත් ගේම් එක ඇදගෙන යන්න ලේසි මිනිහෙකුට බෑ. අනුන්ගෙ තුරුම්පුත් අරන් නෙ ගේම ගහන්නෙ..
ඒකනේ චන්දන අයියේ කියන්නේ...
Deleteඅන්න පල්ලෙහා රෙප් මහත්තයත් ඕක සම්බන්ධයෙන් හොඳ කතාවක් දාලා...
දැන් හැමදේම විහිළුවක් වෙලා
ReplyDeleteඅර දිනමිණේ බොග් පිටුව නවතීවි කිව්වේත් විහිලුවට නේද???
Deleteමහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ ගේම් කාරයෝ සෙට් එක එකතු වෙලා ගහපු ගේම් වලින් තමයි
ReplyDeleteයු එන් පි එකෙන් තුන් කාලක් ආණ්ඩුවේ උනේ,
ජේවීපී එක කෑලි තුන හතරක් උනේ,
දැනට තියෙන ඔය කැඩිච්ච කෑලි කෑලි පක්ෂ එකකටවත් බහුතර බලයක් ගන්න බැරි තත්වයකට එකට පත් වුනේ. විපක්ෂයට බලයට එන්න බැරි එකමුතුවක් නැති කම මිසක් චන්ද නැතුව නෙවෙයි. මහින්ද ලොක්කා කලේ එයාගේ තෙම්පරාදු වෙච්ච මොලේ පාවිච්චි කරලා විපක්ෂයේ එකමුතුව නැති කරන එක. තනි තනියෙන් කට්ටිය ආණ්ඩු විරෝදී කියලා පෙන්නුවත් එකිනෙකාගේ කකුලෙන් ඇදිල්ල තියෙනකම් මේ ආණ්ඩුව වට්ටන්න කාටවත් බෑ කියලා මහින්ද ලොක්කා දන්නවා.
මේ සැරෙත් දකුණ නම් ශාන්ටම යයි කියලා මටත් හිතෙනවා. දකුණේ වෙන එන්න එකෙක් නෑ වගේ බං.
විපක්සෙ දුර්වලතා වලින් ප්‍රයෝජන අරන් ලෙසටම ගේම දුන්නනේ බන්.ලොක්කගේ ආණ්ඩුව කඩා වැටෙන දවසක් ගැන හිතන්නවත් බෑනෙ බන්.
Deleteඔය සමහරු මොනව කිව්වත්, අනිවා ශාන්ම තමයි.එයා වැඩිම මනාප ගත්තත් මහ ඇමති කම චන්දිමා රාසපුත්‍රට දෙන්නත් කුමන්ත්‍රණයක් යනවා.
Deleteනියමයි දුලා. නිලියන් චන්දෙ ඉල්ලනවට මගේ නම් කිසි අකමැත්තක නැහැ ,, පාර්ලිමේන්තුවේ ඉන්නේ බහුතරය හොද මිනිස්සු නෙමේනේ ... ඒත් ගයේෂා ගේ රංගනය නම් අප්‍රසන්නයි
ReplyDeleteතැන්කූ ඔමා....
Deleteමම කියන්නෙත් ඔය ටිකම තමයි.
ඒ වුනාට ගයේශා හිතන් ඉන්නේ මහ ඉහලින්.ඇල්පිටිය පැත්තේ අය කියන්නේ ඕකට පඩත්තල කම කියලා.
narakada oma chande illuwoth
Deleteගීක් ඇල් කේ බ්ලොග් රීඩරයට බ්ලොග් එකක් දාන හැටි කියලා දෙන්න කවුරු හරි පින්වතෙක්.තව අපි අපිට කියන එකටත් පුලුවන් නම් කියලා දෙන්න සරලව
ReplyDeleteමෙන්න ළමයා ගීක් බ්ලොග් රීඩරේට ඇතුලත් වෙන අයුරු මුල සිට සරලව
Deleteඅපි අපිට සින්ඩිය කලේ නිශාන්. ඒකා මේ දවස් වල බ්ලොග් වලට යන්නෙ එන්නෙ නෑ. ඒක නිසා ඇතුලත් කරන්න ඕන විස්තර ටික අයින් කරලද කොහෙද.. නැත්නම් ඒකත් දාපු ගමන් ඇඩ් වෙන සින්ඩියක් තමයි. මඩිස්ස බ්ලොග් එකට ගිහින් ඒකෙ මේල් ඇඩ්රස් එකක් තියනව නම් ඒකට මේල් එකක් දාන්න, ඔයාගෙ බ්ලොග් ඇඩ්රස් එකත් එක්ක.
Deleteතවදුරටත් නිලියෝ චන්ද ඉල්ලුවොත් ආණ්ඩුවට කෙළවෙන එක හොදටම සුවර්
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා කුමාව...
Deleteදුලා මම නං ලංකාවෙ දෙශපාලෙනේ කියන පල් වල ගැන මොකුත් කතා කරන්න කැමති නෑ මුලින්ම කියෙව්වත් මෙච්චර වෙලා කමෙන්ට් නොකර හිටියෙත් ඒකයි,නමුත් දුලා හිතයි මම කියෙව්වෙත් නෑ කියල එකයි මෙහෙම ලියන්නෙ.
ReplyDeleteරාළ කියල තියනව වගේ කන්දෙගෙදර පින්තූරයක් මේ බ්ලොගේ මොකට එල්ලුවද කියල මටත් හිතුණා.
බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ළඟදිම ගලවනවා හැලපයියේ
Deleteනළු නිලියන් ඡන්දෙට එනවාට මම විරුද්ධ නැත. බැහැයි කියා නීතියක්ද නැත. මේ ඉදිරිපත් වෙන අයට හෝ වුනු අයට සමාජ අවබෝධයක් හෝ ජනතා ප්‍රශ්න ගැන නිසි තක්සේරුවක් නැතිකම හෙළුවැල්ලෙන් රඟපානවාට වඩා අර්බුදයක්ය. රඟපෑම් ගැනනම් තීරණය විය යුත්තේ ඒ කෘතිය හා සැසඳීමෙන් පමණක් බව මගේ සිතීමය.
ReplyDeleteමගේ සිතීමත් ඒ වගේ තමයි.හැබැයි සමාජය එහෙම නෑ....
Deleteගයේෂා ගැනනම් ඉතින් මම මුකුත් නොකියමි.. මන්දා මෙයාලා හන්දා දෙශපාලනය කොහේ යයිද කියලා.. දැනටත් නන්නත්තාර වෙලා තියෙද්දී...
ReplyDeleteසාදරයෙන් දිනේශ්වත් පිළිගනිමි!
Deleteදුලා... දානව හිරේ ඈ... :3
ReplyDeleteඇයි අවුල්ද?
Deleteකෝම උනත් මේ වන විට ඒ අක්කලාට කෙලවී ඇත. එයාලාව ගන්න එපයි කියා ඔක්කොම මග හලා ඇත එයාලා පව්ය හැබැයි සොරිය
ReplyDeleteඒක වෙන බව දුලා කලින්ම දැන සිටියේය.හැබැයි කිව්වේ නැතිය.
Deleteහුඟක් පුමාද වී මේ පොස්ටුව දැක්කේ.
ReplyDeleteඊයේ අනර්කලී අකර්ෂා නාම යෝජනා දෙන්න කලින් ගිහින් එළියට දැම්මා කියනවා. මැතිවරණ රීතිවත් තව දන්නේ නැති වගයි.
අඩේ... අපි දන්නෙවත් නෑනෙ...
Deleteනිර්මලා අක්කව කාලෙකින් දැක්කෙ
මමත් දකුණේ කෙනෙක්. පළාතේ ජනයා අඳුනන පළාතට වැඩ කරලා තියෙන මිනිසුන් සිටිද්දී කොහෙන්වත් ගෙනත් දමන පුයර බබ්බු දාන්නේ මොකටද? මොන බබා ආවත් හොරකමින් තොර සේවයක් වෙනවා නම් එච්චරයි.
ReplyDelete++++++++++++++++++++++++
Deleteඅන්න කතාව