සුපිරි වැල කතාවක් අරගෙන දුලා ආයෙත් ආවා!


ඉතා කෙටි කලක් යටපත්වෙලා හිටිය දුලා දැන් ඔන්න ආයෙත් ඇවිල්ලාය!ආවේ නිකන් නොවේය. සිංහල සාහිත්‍ය ක්ශේත්‍රය වෙනස් කරන ජාතියේ අලුත්ම වැල කතන්දරයක්ද අරගෙනය.සිංහල වැල කතා ඉතාම පහළ මට්ටමේ තිබෙන්නක්ය.වැල අඩවි හිමිකරුවෝත් මේවා අනුගමනය කරනවා නම් හොඳය.ආගිය කතා පසුවට කල් දමා කතාවට යොමු වෙමි!තව එකක් කියන්නට තිබේය.පොඩි එවුන්ට වැල කතා කියවන්නට හොඳ නැතිය.ඒක නිසා උන් මේක කියවන එක නතර කරන එක ශරීර සෞඛ්‍යට හොඳය.

 මේ සිද්ධිය සිද්ද වුනේ දුලා ඕ ලෙවල් කරලා රිසල්ට්ස් එනකන් ඉන්න කාලයේය.ඒ කාලය උපරිම විනෝදෙන් ගතකරන්නට දුලා ප්‍රමුඛ මිතුරු කැල අමතක කළේ නැතිය.අපි මුලින්ම අපේ සෙට් එකේ මයිකල්ගේ ගෙදර ටික දවසක් ගත කරල එන්න තීරණය කලාය.මයිකල් කිව්වාට උගේ නම යසිත්ය.උට මයිකල් යන නම හැදුනු කතන්දරය මෙතනදී කිව්වොත් උගේ චරිතය ඝාතනය වෙනවාය. ඒක නිසා ඒ කතාව ඕනෑ නැතිය.ඌ අපේ සෙට් එකේ දුරින්ම ගෙවල් තිබ්බ කෙනා නිසා එහේ යාමට හිතුවෙමු. 

මයිකල්ගේ ගෙදර උදවිය අපිව ඉහළින්ම පිළිගත්තෝය.ඒත් ගිරිඋල්ලේ උන්ලහ නිවාඩුව ගත කරන්නට ආවාට ඒ පැත්තේ බලන්නට යැයි කියලා එහෙමට දෙයක් නොතිබුනේය.දවස් තුනකට විතර පස්සේ ටිකක් දුර ගමනක් යන්නට මයිකලා යෝජනා කරේය.ඒ උන්ලාගේ ගෙදරට ටිකක් ඈතින් පිහිටි විජයසුන්දරාරාම රජ මහා විහාරය වැඳපුදාගෙන එන්නටය.ඒත් අර පිස්සු රජෙකුට වගේ රජමහා විහාර වන්දනා පිස්සුවක් දුලාට තිබ්බේ නැතිය.දුලාට ගමේ පන්සල හොඳටම ප්‍රමාණවත්ය.ඒක නිසා මට ඇඟපතේ අමාරුවක් තිබේ යැයි කියා මයිකලාගේ ගෙදර නැවතුනෙමිය.මයිකලාගේ නෑදෑයෙකුගේ ගෙදර තිබ්බ දානයකට සහභාගී වෙන්නට ඊට කලින් දිනම මයිකලාගේ මව් පිය පාර්සවය ගෙදරින් පිටත්ව ගොස් තිබුනේය. 

උදේ 10ය විතර වෙනකනුත් දුලා සාලයට වී පත්තරයක් කියවමින් සිටියේය.සිද්ධිය සිදුවුනේ ඔය මොහොතේය.මයිකලාගේ ගෙදර හිටියේ බොරුවට නැවතුනු දුලා පමණක් නොවේය.මයිකලාගේ අක්කාද සිටියාය.අක්කාත් ඇහැට කණට පෙනෙන්නට හිටිය කෙනෙක් නිසා ආ දවසේ සිටම දුලාගේ අවධානය දිනා ගැනීමට ඇය සමත්වුනාය. 

දුලා ඔය ක්ෂේත්‍රයට නැති එකෙක්ය.ඒක නිසා දුලාට පත්තරය අස්සෙන් ඒ වෙලාවෙ නාගෙන කාමරයට පැමිණෙන අක්කගේ රුව පෙනුනේ නැතිය. 

"මල්ලියෝ පොඩ්ඩක් මෙහාට එන්නකෝ"
"අ අක්කෙ ම මං මේ පත්තරයක් කියව කියව ඉන්නේ."
"හරි හරි ළමයො මං ඔයාව ගිලින්නේ නෑ.මෙහාට එන්නේකෝ"

 ඒ මියුරු හඬ නැගුණේ කුස්සිය දෙසින්ය.දුලා ඒ දෙසට පිය නැගුවේය.අමුතුම සුවඳකින් දුලාගේ ගත වෙලා ගන්නාක් මෙන් දැනුණෙය.
                                                            |

                                                            |
                                                            |
                                                            |
                                                            |
                                                            |
                                                            |
                                                            |
                                                            |
                                                            |
                                                            |
                                                            |
                                                            |
                                                            |
                                                            |
                                                            |
                                                            |
                                                            |
                                                            |
                                                            |
                                                            |
                                                            |
                                                            |
"ආ මෙන්න මල්ලි අල්ලපු ගෙදරින් දුන්නේ..."
 එහි තිබුණෙ කහ පැහැයෙන් බබලන,අලුත්ම වැල මදුළු පිඟානකි. 


එදා අරුන් තුන් දෙනා එනකන්ම මම වැල කෑවෙමි.මයිකලාත් වැල කෑමේ රුසියෙකු වුනු නිසා ඌට ඉතුරු නොකිරීම පිළිබඳව මට බැනුම් අසන්නටද සිදුවිය. 
                                                                නිමි
SHARE
    Blogger Comment
    Facebook Comment

58 comments:

  1. වැල කන එක මාර ගුණයි බං අපි අනං මනං කිව්වට.. ඇයි ආවේ තෝ....

    ReplyDelete
    Replies
    1. තෝ ඉතින් ඇහුවොත් අහන්නෙ ඔයි වගේ කතාවක්නෙ..

      Delete
  2. අම්මපා මෙහෙමත් අසමජ්ජාතියෝ ,මදැයි ආවා වැල බලන්න . කොහෙද උඹ ගිහින් හිටියේ ....!

    ReplyDelete
    Replies
    1. අපිට ඉතින් රාජ තාන්ත්‍රික වැඩනෙ. වාසිලන්තෙ නිවාඩුවක් ගතකලා.එහේ මං හිටපු හරියෙ අන්තර්ජංජාල සිගිනොල් නෑ.
      උබ මම නැති කාලෙ මං ගැන හොයල තිබ්බ.ඉවාන් ඔබ බ්ලොග් අවකාශෙ සැබෑ සහෘදයෙක්!
      මගේ ප්‍රණාමය!

      Delete
  3. වැල වලට මම නං කැමති නෑ. වරක නං ඔන්න......

    ReplyDelete
    Replies
    1. වරක නතිං වැල සම්තිං

      Delete
  4. Replies
    1. ඔව් නාඩියා. වරක වැලට වඩා සුපිරියි

      Delete
  5. කොහෙද බං ගිහිං හිටියෙ,වැල බාන්න ගියාද,මම හිතුව හරි උඹ වැල පප්ප කියල.

    ReplyDelete
    Replies
    1. වාසිලන්තෙ සංචාරයක් ගියානෙ හැලපයියේ...

      Delete
  6. වරකා නැති කලට වැල හොඳා
    itnishantha

    ReplyDelete
  7. අනේ මන්දා ගැට පොළොස් එහෙම කොහොමද? ඇගට ගුණයි කියලා අහලා තියනවා

    ReplyDelete
    Replies
    1. ගැට පොලොස්,අලිගැටපේර හරි ගුණ පලතුරු
      ගැටකිඹුල්ලුත් හරි ගුණයිලු

      හික් හික් හික්

      Delete
  8. පොඩිම කාලේ පටන් ගන්නේ වැල කාලා තමයි.. අපි නම් එදත් අදත් වැල කෑමට බොහෝ ප්‍රිය වම්හ...

    ReplyDelete
    Replies
    1. එසමයෙහි අනෙක් පුරුෂයන් තිදෙනට නොතබාම වැල කෑ තැනැත්තෝ,දුලා නම් වූ මම් ම වේ දැයි....

      Delete
  9. වරකා තරම් ප්‍රිය නැතත් වැලත් නරකම නෑ.
    අදමයි මේ පැත්තෙ ආවේ. දැන් නම් දීගටම එනවා ඕන්.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා සහෝ!

      Delete
  10. අඩෝ වාසගමත් එක්ක නම් දාල මඩ ගහපල්ලා.. නැත්නම් අහක ඉන්න අහිංසක අපිටත් මඩ වදිනෝ...
    වාසනාවට මට අක්කල නෑ.. නැත්නම් මේක කියවල අනිත් උන් අපේ අක්කගෙන් වැල හොයන් ඒවි

    ReplyDelete
    Replies
    1. සමාවෙයන් බන් සමාවෙයන්

      Delete
  11. මටනම් ආසම නෑ වැල...

    ReplyDelete
    Replies
    1. වරකා නතිං වැල සම්තිං

      Delete
  12. යකෝ...උඹලා අපේ පැත්තේ ආවේ නැද්ද එතකොට ඈ...???

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එක පාරක්වක් කියවලා කොමන්ට් කොටපිය යකෝ රජෝ

      Delete
    2. රජාගේ පලවෙනි කමෙන්ටුව.දුලාගේ අඩවියට රජාව සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  13. මම නම් ආසම වරක.
    නමුත් අනිත් වැල වලදන්න දෙයිය කොල්ල කාලෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි දැං බැරි බරි වගේ ද?

      Delete
    2. පලතුරු කෑමට වයස් බේදයක් නෑ මාමලා

      Delete
  14. HO HO ME SINHALA WELA NEDA

    ReplyDelete
  15. වැල කියන්නේ හොඳ ෆෘට් එකක්නේ මෙයා....කවුද ආස නැත්තේ

    ReplyDelete
  16. වැල කාලා පහුවදාට වාඩි වෙන්න විතරයි වෙහෙසෙන්න ඕනේ.

    ReplyDelete
  17. ගෙඩිය ගහේ තියෙද්දි වැල වරකා කාපු අපිටනෙ කියන්නෙ..

    ReplyDelete
  18. වරක හොඳා. ඒත් වැල නං කන්න ලේසියි නේ...

    ReplyDelete
    Replies
    1. කන්නත් ලේසියි.පහුවදාහාටත් ලේසියි.

      Delete
  19. වෙනත් යමක් නැත්නම් වැලයක් වුවද කම් නැත

    ReplyDelete
    Replies
    1. වෙනත් යමක් නැත්තම් නේද දමියා...

      Delete
  20. නියම කමෙන්ට් ටික ..........

    ReplyDelete
    Replies
    1. මුන් ඔක්කොම එකයි බන්! ඉවාන් විතරයි ඇත්ත කිව්වෙ

      Delete
  21. වැල කන්න ගිහින් හිර වුනේ එහෙම නෑනේ නේද දුලා...

    ReplyDelete
    Replies
    1. ආයෙ පිස්සුවක් ඇතිය!

      Delete
  22. වැල හොඳයි.... වරකා හොඳා............යි.

    ReplyDelete
  23. වැල එල... සමහර වර්ග තියනවා පැණිරස වැඩි කමට මත වෙනවා වාගේ. වැඩි කැමැත්ත වරකා වලට..

    ReplyDelete
    Replies
    1. හැබෑටම චන්දන අයියේ එකපාරක් හරි කියවල ද කමෙන්ට් කරේ?

      Delete
  24. wela kathawa hodi michalege nama hedeemata heethuwath danna

    ReplyDelete
    Replies
    1. තැන්කූ සහෝ, ඒකත් උගෙන් අවසර අරන් දාන්නම්

      Delete
  25. මදැයි වැලක් බලන්න ආවා.

    ReplyDelete
  26. වැල කන එක හොදයි ඒක ගුණ කැමක්

    ReplyDelete
  27. වැල කද්දි පෙරාගෙන කන්න ඔිනා..

    ReplyDelete
  28. වැල කද්දි පෙරාගෙන කන්න ඔිනා..

    ReplyDelete

ඔබේ අදහසත් මෙතන කොටල යන්න අමතක කරන්න එපා!
කියවන අයට ඒකෙනුත් ගන්න දෙයක් තියේවි!
ඒ වගේම මටත් ලොකු හයියක්!