කිරි සප්පයාගේ ලියුම අංක 1-කිරි පිටි,ෆොන්ටෙරා හා සපීරෝ නෝනා.

මේ ලිපිය කිරි සප්පයා කියා පොඩි එකෙකුගේය...

දුලා මාමා අතේ එවමි,

මේ දවස් ටිකේම සී ලංකාවේ අයට බොන ජාති සම්බන්දයෙන් අල්බුද ඇති උනාය.සතියකට විතර උඩ දී සැර බීම වල ගණන් වැඩි කරලා කියා අපේ ලොකු මාම කෑගැහුවා මතකය.ඒක නම් කමක් නැත කියා සීයා කීවේය.ඊට පස්සේ පිරිසිදු වතුර ඉල්ලුවාට රතුපස්වල මාමලා නැන්දලා කට්ටියකට හමුදාවේ මාමලා වෙඩි තිබ්බේය.වතුර ඉල්ලුවාම වෙඩි තියන්නේ මොකද කීලා මට තේරෙන්නේ නැත.සමහරවිට ඒක මානුසික මෙහෙයුම් ජාතියක් වෙන්නැතිය.මොනවා වුනත් දැන් චැනල් 4 එකේ එවුන්ට රජ මගුල්ලුය.

ඊට පස්සේ දැන් අපි බොන කුක්කු පිටි එකේත් වසලුය.සිය රට දේ සිරි සැප දේ කාලයේ කිලි පිටි ගන්නට පෝලිමේ යන්නට වුනාලුය.සීයා කියන්නේ එහෙමය.දැන් එහෙම බම්බුවක් නැතිය.ආසියාවේ ආස්චර්යය කාලයේ සිද්ධ වෙන්නේ වහ පිටි බොන්නටය.වහ පිටි එන්නේ පොන්ටෙරා සමාගමෙන්ලුය.කොහොමත් ඒකෙන් දෙන පීඩියාප්‍රෝ අපේ අම්මා මට දෙන්න හදන කොට මං ඒ දවස් වලම එපා කිව්වෙමිය.ඒවා බිව්වාම අපි ගොබ්බ හිපාටු මහම මහ අමු මැට්ටන් බවට පත් වෙනවාය.ඇඳුමේ කලු පාට ඉරක් තැවරුනාම මුලු ඇඳුමේම ඒ ජරාව තවරාගෙන ඇඳුමම නාස්ති කරගන්නා ගොබ්බ පැටියෙකු වීමට මට උවමනාවක් නැතිය.මං හිතන්නේ ඒක ඔය තියෙනවා කියන විස වල ප්‍රතිඵලයක්ය.

මොනවා උනත් ඊයේ පෙලේදා ඕක ගැන ලියපු සපිරෝ නෝනාට නම් පොන්ටෙරා සමාගම හරි ලොකුය.එයාට ඒවායේ ගුණක් අගුණක් ගැන වැඩක් නැතිලුය.පොන්ටෙරා සමාගම ගැන සී ලංකාවේ මාධ්‍ය හරියට වාර්තා නොකරපු එක තමයිලුය එයාට වැදගත් වන්නේ.එයා කියන බම්බුව කිරි සප්පයාට නම් තේරෙන්නේ නැත.සමහර විට මං පොඩි නිසා වෙන්නැතිය.මොනවා වුනත් දැන් කඩවල් වලින් යෝගට් කද්දීත් ,කුක්කු පැකට් බොද්දීත් අපි කට්ටිය පෙරේසම් වෙන්නට ඕනැය.ඒ කුක්කු පැකට් වැඩි හරියකුත් ,ගෙවල් වල හදන යෝගටුත් හදන්නේ පිටි කිරි වලින් නිසාය.ඒවා පොන්ටෙරා පිටි විය හැකිය.

මේ දවස් වල බ්ලොග් අවකාශයේත් හරි හරි වැඩ වෙන්නේය.සෑම් මාමාගේ "රෑට කෙල්ලො - කොල්ලෝ කතා කරන ඒවා" ලිපියට වෙච්චි දෙයක් නැතිය.ඔය අතලේ අපේ කෙන්ජි මාමාට ඇනෝලාගෙන් කලදලය.පල ඇති රුකටමනෙ හෙන ගහන්නේ ගනන් නොගෙන හිටියානම් හරිය.මම අදට නවතිමි.

මීට, කිරි සප්පයා( දුලා මාමා අතේ එවමි )

සැ:යු :- මෙහි සඳහන් සියලුම අදහස් කිරි සප්පයාගේ වන අතර දුලා ඊට වග නොකියන්නේය.

ලියුම සම්බන්දයෙන් ඔබට හිතෙන දේ පල්ලෙහායින් කොටන්න.ඒවා කිරි සප්පයාට බාර දීමට දුලාට හැකිය.

SHARE
    Blogger Comment
    Facebook Comment

70 comments:

  1. කිරි සප්පයා කිරි සප්පයා උනත් ;ලියා තිබෙන දේ නම් අපුරුය !

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා දුලාගේ අඩවියට.comment කලාට තුති!

      Delete
  2. ඔන්න මමත් ආවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සුදීක මේ පැත්තෙ ආවට කලාට...

      Delete
  3. කිලි සප්පයා මලේ මලු ය. එල කොල්ලෙකි. ඩ්‍රැකී මාමත් ඕං ආවා. දිගටෝම එඤ්ඤං ය.

    නාමල් බබා කිලි ගෙන්නන්න හදනවයි කියා ආලංචියක් තිබේ. ඒ හින්දා ඊට කලිං රටේ තියෙන කිලි ඔක්කොම තහනං කොලොත් ඒකට පුදුම වෙන්න ඕන් නැත.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියාව සාදරයෙන් පිලිගනිමි.දිගටම එන්ටෝනැ හොඳේ...
      ඇත්තටම එහෙම තහනම් කලොත් නම් මොනාවා වෙයිද මන්දා...

      Delete
  4. // පොන්ටෙරා සමාගම හරි ලොකුය. //

    එක නිසා වෙන්න ඇති අද පත්තරවල ලොකුම ලොකු දැන්වීමක් දමල පොන්ටෙරා කිරිවල කිසිම ප්‍රස්නයක් නෑ කියලා තිබුනේ .

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ...
      comment කලාට තුති...

      Delete
  5. දුලෝ, මෙව්වට තමයි කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා. හැබැයි අපිත් ඔය 'නඩු බලවන්නේ' නැතුව පුකට පයින් ගහලා එලවන්න කාලය ඇවිත්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත විචාරක! ඇවිත් ගියාට comment කලාට තුති...

      Delete
  6. කිරි සප්පයා උනත් ශපිරෝ ආන්ටි ගැන හොඳට තේරුම් අරගෙන. එයාගේ වෙළඳපොල ක්‍රමය කඩා වැටිලා. අයියෝ ශල්ලි. ෂෙයා ටික ගඟේ මූදෙ දැම්මා වගේ. පුතාලට වස දීල හරි කමන්නෑ ෆෙන්ටෙරාට ඕන කාශී තමා.
    ඔන්න මම ඇනෝ ආවා යකෝ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ! මූ කිරි සප්පයා වුනාට හරියට පැහිලා...
      තැන්කූ ඇනෝ..

      Delete
  7. කිරි සප්පය ලොකු ඇත්තන්ට සරල ලෙසටම කියල.
    ලියවිල්ල නියමයි කොල්ලො.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කෙන්ජියෝ අපිව දිරිමත් කරනවට...ඔබතුමා වැන්නෙක් බිහි වීම අපේ භාග්‍යයක්...

      Delete
  8. කිරි සප්පයෙක් නේ.. .තාම.. “පව් ඔයා දුලා“

    ReplyDelete
    Replies
    1. @!!$#$@# යකෝ මූ මේ ඇට්ටර කොල්ලෙක්.
      මම නෙවෙයි බං..

      Delete
  9. කිරි සප්පයට කියන්න ඕකුං එකෙක්වත් මට නං විශ්වාස නෑ. ඒ නිසා පුරුදු විදියට ලැබෙන දෙයක් කාල බීල ඉන්නව.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා රාජ්ව..

      ඇත්ත අද නම් කවුරුවක්වත් පිලිගන්න බෑ...
      comment කලාට තුති..

      Delete
  10. චූටි පැටියෝ,ඔයා වස විස පැත්තකට දාල අම්මගෙන්ම කුක්කු බොන්න.

    ReplyDelete
    Replies
    1. හාල් එලවලු වල බෙහෙත් ගහල නිසා ඒවා කන අම්ම කුක්කුත් විසයි හැලපයා..

      Delete
  11. දුලා.........මගේ කමෙන්ට් එක ස්පැම් ගිහින්ද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. නෑ කොල්ලෝ ස්පෑම් වල උබ දාපු වෙන කමෙන්ට් 1ක් නෑ..

      Delete
  12. අම්ම මම ලොකු වැඩියි කියා කුක්‌කු දෙන්නේ නැත, පොඩි එකාට දෙනවා කියා හාමිනේ දෙන්නෙත් නැත, පිටි කුක්කු වල වසය,
    කොහෙන්ද යකෝ මම කුක්කු බොන්නේ..........?

    ReplyDelete
    Replies
    1. ගමේ ඉන්න වැස්සියෙක්ගෙන් දොවා ගෙන උණු කරලා ෆ්‍රෙස් කිරි බීමට හැකිය.තැන්කූ ප්‍රගීත් කමෙන්ට් කලාට

      Delete
  13. // පොන්ටෙරා සමාගම හරි ලොකුය. //
    ඇත්තටම ඒක ලොකුද?, සමහර විට ලොකු බිල්ඩිමක් වෙන්නත් ඇති .. අපි ඉතින් ඕවා ගැන දන්නේ නැහැ නෙවැ....

    ReplyDelete
    Replies
    1. ///ඊයේ පෙලේදා ඕක ගැන ලියපු සපිරෝ නෝනාට නම් පොන්ටෙරා සමාගම හරි ලොකුය.//

      පොන්ටෙරා සමාගම ලොකුව ඇත්තේ සපිරෝ නෝනාටය.ඔබේ කියවීමේ දුර්වලතාවය ගැන දුක් වෙමි.
      comment කලාට තුති...

      Delete
    2. මමත් කිවේ ඒ නෝනගේ කතාව ගැනම තමාය, ඔබේ තේරුම් ගැනීමේ දුර්වල තාවය ගැන දුක්වෙමි .. තව ටිකක් හොදට කමෙන්ට් කරුවන්ට කතා කරන විදිය ගැන පුරුදු වන්න ..

      Delete
    3. ඔබ ඒ නෝනා ගැන කිව්වේ නම් "ඒ නෝනාට ඒක ලොකු වෙන්නැති" වගේ වදනක්ය ඔබෙන් පිට විය යුත්තේ.නමුත් ඔබ අසා ඇත්තේ "ඇත්තටම එය ලොකුද?" කියායි.එය ඍජුවම කතුවරයාගෙන් අසන ප්‍රශ්නයකි.එනම් ඔබට ඔබේ හිතේ ඇති දෙය හරි හැටි අකුරු කර ගැනීමට නොහැකිය.ඔබේ ලිවීමේ දුර්වලතාවය ගැන බොහෝ සෙයින් දුක් වෙමි.[ඇත්තටම මේ ඔබේ වරද පෙන්නාදීමක්!මෙය ඔබට කරන චෝදනාවක් නොවේ.]

      Delete
    4. කිරි සප්පයෙක්ම බව පේනවා ,

      Delete
    5. තමන්ගේ වරද ඔප්පුවෙන විට ඔවන් දෙයක් කියා පලා යාම නිවටයන්ගේ ලක්ෂණයකි! තව ටිකක් හොඳට රචකයන්ට කතා කරන විදිය ගැන පුරුදු වන්න ...

      Delete
    6. චමී4යූ,
      උබත් හොඳයි අර නාකි කෙන්ජියටම.ඌත් ඔහොමයිනේ...තමන් වැරදියි කියල ඔප්පුවෙනකොටම බඩ යවනවා....

      Delete
    7. // තව ටිකක් හොඳට රචකයන්ට කතා කරන විදිය ගැන පුරුදු වන්න//

      රචකයන්ට ?? :D

      ඔව් පට්ට ලියවිල්ල ඈ එල ..

      සොරි වෙන්ට ඕනේ

      Delete
    8. බොහොම ස්තූතියි!

      Delete
    9. ඔව් චමියා දුලා කියන්නේ නල්ලමලේ රචකයෙක් එකනේ මැස්සෙක්වත් එන්නේ නැති පාලු බෝගේ මෙලෝ රහක් නැති පොස්ට් එකක් දාගෙන යන යන තැන ලින්ක් නැට්ට හලාගෙන යන්නේ අනේ අපේ එකටත් ඇවිත් යන්න කියලා .
      එයා පෙමස් රචකයෙක් .

      Delete
    10. ado ape kenji ayyata baninna uba kawda

      ube post eka raha naha kollaa. uba hit walata duwanawa wadi chatar uba danatama.

      Delete
    11. @ ඇනෝවරුන් !
      සහෝදරවරුනි,මම ලින්ක් එක දාන්නේ කවදාවත් ආපු නැති එවුන්ගේ බ්ලොග් වල විතරයි! දාපු එකක දෙවනි පාර දාන්නේ නෑ. උබලගෙ කරදර මං ඉල්ලලා දාගත්තුවනේ...

      Delete
  14. මේ පැත්තෙත් හේන් කුඹුරුවලට මිනිස්සු වස විෂ ගහල . මේ පැත්තෙ වැස්සියො කන්නෙත් විෂ තියෙන තණම තමා. එතකොට ඔය හොද කුක්කු කොහෙද කිරි සප්පයො තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇත්තනෙ බොලේ.එතකොට කිරි මුහුදේ විතරයි පියෝ කුක්කු තියෙන්නේ...

      Delete
  15. මෙය චුටි බබෙකුට සිතුනු නොමෙරු සිතිවිල්ලක්ය.ගොලිය අර්තක්‍රමය තුල ප්‍රජතන්ත්‍රවදිරටක සමාජ හෑසිරිම තුලින් ගවෙශනාත්මකව සිත බෑලිය යුතුය.( කබ්බ්‍රාල් අයිය කියල දුන්නෙ ).අනික රජ මාම දරුවන් වඩා ගන්න නිස එතුමා දරුවන්ට වෑරද්දක් වෙන්න දෙන්නෙ නෑත.එක නිස මෙය ජාත්යන්තර මෙව්වා එකක් කිය කියන්නටද පුලුවන.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මෙය ජාත්‍යන්තර එන්.ජී.ඕ කාරයන්ගේ වැඩක් විය යුතුයි. හික් හික්....

      ස්තූතියි දමිත් කමෙන්ට් කලාට.

      Delete
  16. දුලා, උඹ මගේ ඩෙනිමේ දාපු කමෙන්ට් එකට මම දීපු රිප්ලයි එක පොඩ්ඩක් බලාපං.

    ReplyDelete
    Replies
    1. මං බැලුවා බං .බොහොම ස්තූතියි ඒකට.

      මං ඒ විදිහට උබේ ඊලඟ පෝස්ට් එකට කමෙන්ට් කරලම උබට ස්තූති කරන්ට හිටියෙ.

      Delete
  17. එකෙක් හරි මේවා ගැන ලියන එක ළොකු දෙයක්...

    ReplyDelete
    Replies
    1. මහාචාර්යවරුන්ටත් අපේ අගය තේරේ....

      ප්‍රීතී! ප්‍රීතී!! ප්‍රීතී!!!

      Delete
  18. හිත දුර හංඟා............තමයි ඉතිං කියන්න ෙවන්ෙන්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.....
      කමෙන්ට් කලාට තුති!!!

      Delete
  19. පට්ට කතාව.on

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ

      ස්තූතියි සහෝ කමෙන්ට් කලාට...

      Delete
  20. මට තද වුනේ මේ වහ කිරි හොදයි කියන්න එන එවුන් දැකල.උන් විද්වතුන් නම් තව කමක් නෑ.

    ඔය ගෑනුකෙනාගෙ තාත්ත හෙන කුජීත දහ අට සන්නියක් නැටුව පොසිටිව් තින්කින් ගැන ලියවුන පොත් පරිවර්තනය කරල ඌ හොයා ගත්ත වගෙ පළැ කෙරුව.ඌ නිකම් බුදු කෙනෙක් වගෙ හිටියෙ.හරි හමන් රස්සාවක්වත් කෙරුවෙ නැති කොහෙද යන බල්ලෙක්

    ඔය අමනදාසෙය කියන්නෙ පු.... පයින් ගහල එලවන්න හිටපු බල්ලෙක්.ඇමරිකාවෙ ඩේල් කානගීල පොත් ලිව්ව මිසක් ශාස්තෲවරු වෙන්න ගියෙ නෑ.ඉංග්‍රීසි පොත් සිංහලට පරිවර්තනය කරල මේ පිස්ස ආගමික ශාස්තෲ කෙනෙක් වෙන්න ගියා.ඌ වටේ කට්ටියක් හදාගෙන මූට උන් වහන්සෙ කියාගෙන හෙන පිස්සුවක් කෙළියෙ.ඉංග්‍රීසි නොදන්න අහිංසකයො දන්නෙ නෑ මේ බල්ල නිකම්ම නිකම් පරිවර්තකයෙක් විතරයි කියන එක.උගෙ දුවත් පොර ටෝක් දාන්නෙ කොන්සවැටිව් සුද්දො ලියපු ලේඛන පරිවර්තනය කරල.ඒ ලේකන රිපබ්ලිකන් සඟරා වලින් පහසුවෙන් හොයා ගන්න පුළුවන්.අන්ධයො මංමුලා කරනවා වාගෙ මුන් මෝඩයො ගොනාට අන්දන හැටි තුක් විතරක්

    ReplyDelete
    Replies
    1. +++++++++++++++

      මමත් ඔය ගෑනු කෙනාගෙ පැටිකිරිය දැන ගත්තේ ඇනෝනිමසයගෙ [ඇනෝනිමස්] ෆොන්ටෙරා කිරි බී සුදු වන්නට ගිය කල්ලීගේ කතාව කියන ලිපියෙන්.

      දුවත් තාත්තට නොදෙවෙනි නෑ.ඇනෝ කෙනෙක් එයා ලිපිය කොපි කරගත්තු original ඉංග්‍රීසි ලිපියේ ලින්ක් එක දාල තිබ්බ.කොහොම වුනත් එයායි,පස්සෙන් යන මල්ලියි කියන කොට්ටෝරුවෝ දෙන්නගේ හොට පැටලුනේ මාතලන් ලොක්කගේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න ගිහින් .

      බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් කලාට...

      Delete
  21. ඔන්න මමත් ආවා.
    http://kurutugegeepota.blogspot.com/

    ReplyDelete
    Replies
    1. තැන්කූ දිලිනි!
      අපි එන්නම්කෝඒ පැත්තේ....

      Delete
  22. ඇමරිකාවේ ඉන්න අයට අවුලක් නැතිය. එහාට ෆොන්ටේරා සමාගමේ කිරිපිටි ගෙන්වන්නේ නැත.
    අපි සල්ලි ගෙවලා කිරිපිටි ගන්නත් ඕනේය ...හැබැයි එව්වා අවුලක් තිබුනොත් කටපියාගෙන බොන්නත් ඕනෑය...හරියට ෆොන්ටෙරා අපිට නිකන් කිරිපිටි දෙනවා වාගේය..

    ReplyDelete
    Replies
    1. මෙව්වා ඉතින් පාලකයන්ගේ කොන්දක් නැති කම නිසා වෙන වැඩනේ.
      තැන්කූ මේ පැත්තේ ආවට,කමෙන්ට් කලාට!!!

      Delete
  23. අම්මපා ඉස්සරහට පොඩි එවුන් උද්ගෝෂණය කෙරුවොත් තමා වැඩේ

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමා!!!

      තැන්කූ කමෙන්ට් කලාට...

      Delete
  24. ඔය කිරි සප්පයාට ටිකක් හැංගිලා ඉන්න කියහන්! පෙනේර වෙන්ඩ තියලා දාන්න පුළුවන්!

    ReplyDelete
    Replies
    1. ඔව් කියන්න බෑ.මේ දවස් වල වෙන දේවල් වල හැටියට!
      නාඩියෝ ආවට තුති!

      Delete
  25. මේ කිරි සප්පයට දීල තියෙන්නෙත් DCD තියෙන ෆොන්ටේරා ද කොහේ නැත්තම් මෙච්චර පැහිච්ච කතා කියාවියැ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මූට දෙන්න හදල තියෙන්නේ ඒවම තමා... නවදැලි හේනෙන් ආවට තුති!

      Delete
  26. මූ එසේ මෙසේ කිරිසප්පයෙක් නම් නෙවෙයි නේද.. යමක් කමත් තේරෙන එකෙක්. :)

    ReplyDelete
    Replies
    1. 'කමත්' නෙවෙයි කමක්

      Delete
    2. ඔව් ඔව් මූ මේ මහ ඇට්ටර කිරි සප්පයෙක්!
      තැන්කූ චන්දන අයියේ.

      ඒක නෙවෙයි මොකෝ කාලෙකින් මුකුත් ලිව්වේ නැත්තේ?

      Delete
  27. මහ උන්ටත් නැති මොළයක් පොඩි කුක්කු බබාට ඇවිත්.. අනේ කොල්ලෝ අපේ මහ උන්ට ටියුෂන් දීපංකො..

    ReplyDelete
    Replies
    1. කියල බලන්නම්!
      තැන්කූ සරත් අයියේ

      Delete
  28. කිරිසප්පයෝ...බලාගෙන ඕවට ඒවා මේවා ලියුම් කරදහි ලියලා...අර පොඩි උන් වදන් ඉන්න අප්පච්චි..තලා වෙයි..

    ReplyDelete
    Replies
    1. එව්වාට මූ බය නෑ කියන්නෙ

      Delete

ඔබේ අදහසත් මෙතන කොටල යන්න අමතක කරන්න එපා!
කියවන අයට ඒකෙනුත් ගන්න දෙයක් තියේවි!
ඒ වගේම මටත් ලොකු හයියක්!