සුරංගනා කතා අහන්න එන්ඩෝ .........

සුරංගනා කතා අහන්න අපේ එවුන් ගොඩක් ආසා නිසාම මටත් අදහසක් ආවා ලියන්න.
මෙන්න කියවන්න;රසවිඳින්න .... 





ඔන්න එකමත් එක රටක කුමාරයෙක් හිටියා.හැබැයි මේ කුමාරයා අපි හිතන ජාතියේ ධනවත් කුමාරයෙක් නම් නෙවේ.එයා ටිකක් දුප්පත් කුමාරයෙක්.හැබැයි මෙයාටත් රාජධානියක් හිමිවෙලා තිබුනා.දවසක් මේ කුමාරයට තමන්ගේ පිය රජතුමාගේ වුවමානාවකට රාජධානියෙන් පිටට යන්න සිද්ධ වුනා.


ඉතින් මේ කුමාරයත්  තමන්ගේ අස්වයාගේ පිටේ නැගල මේ ගමන යන්න පිටත් වුනා .හෙළ් ,කඳු ,බෑවුම් පහු කරගෙන සැතපුම් ගණනාවක්  අස්වයා පදවපු මේ කුමාරයට පිපාසයක් ඇති වුනා.ඉතින් මගදී හමු වුනු   දියපාරක් ළඟ මේ කුමාරයා  නැවතුනා.

ඉතින් මේ කුමාරයා දිය උගුරක් දෙකක් බොනකොට කෙනෙක් තමන්ට කතාකරනවා ඇහුනා.

"කුමාරයාණනි, කුමාරයාණනි, ...."

"කවුද.......? "

"මේ මම කුමාරයාණනි ..... "

"කෝ කව්රුවත් මට පෙන්නේ නෑනේ " කුමාරයා එහෙම කිව්වේ වටපිට හොඳට සෝදිසි කරලා.
ඒ පාර ඒ කටහඬ ආයෙත් ඇහුනා.

"අනේ මම මේ බිම ... මම මේ කුමාරයෙක්  එනකම් මග බලාගෙන හිටියේ... "

කුමාරය බිම බැලුවා .එතකොටයි දැක්කේ,,, මෙච්චර වෙලා තමන්ට කතා කලේ කවුද කියලා. ඒ දිය කඩිත්ත ළඟ ඉන්න ගෙම්බෙක්.

"ආ... කතා කරන ගෙම්බෙක් !!!" කුමාරයට පුදුම හිතුනා. කුමාරයා එයාව දෝතට ගත්තා.



                                     

"මම ගෙම්බියක් නෙවෙයි කුමාරයාණෙනි ...
මම කුමාරිකාවක් ! කලකට ඉහත නපූරු මන්තරකාරියක් කල සාපයක් නිසා මම ගෙම්බියක් බවට පත් වුනා. ඒ වුනත් රාජ කුමාරයෙක් මට හාද්දක් දුන්නොත් මම ආපහු කුමාරිකාවක්  වෙනවා.

අනේ මට හාද්දක් දීල එක්කරගෙන යන්න..." එයා එහෙම කිව්වා.

අපේ කුමාරයා ටිකක් බුද්ධිමත්.ඉතින් මේ කතාව අහපු එයා ටිකක් කල්පනා කරා.
කල්පනා කරලා දුන්නේ හරි අපූරු උත්තරයක් ...
" කුමරියෙක් නම් කොහෙන් හරි හොයාගන්න බැරිය . ඒත් ඉතින්  කතා කරන ගෙම්බෙක් කොහෙන්  හොයන්නද ?  
මූව පෙන්නලා... කීයක් හරි හොයාගන්න පුළුවන් !!! "
එහෙම කියපු කුමාරයා මේ ගෙම්බිවත් අරගෙන රට රටවල් ගණනාවකට ගියා. මේ අරුම-පුදුම කතාකරන  ගෙම්බිව මිනිස්සුන්ට   පෙන්නලා මහා ධනස්කන්ධයක් හම්බ කළා.මේ කුමාරයාගේ ධනවත්කම නිසාම අල්ලපු රටේ රජතුමා තමන්ගේ දූ කුමරිය  මේ කුමාරයටම සරණ පාවලා දුන්නා.





ඊට පස්සේ ඒ දෙන්නා කාලයක් සතුටින් ජීවත් වුණා .....

ලස්සනයි නේද යාලුවනේ කතාව .......

SHARE
    Blogger Comment
    Facebook Comment

59 comments:

  1. Replies
    1. තන්තෝතයි! හැක් හැක්

      Delete
  2. කුමාරයො නම් ඔහොම්මයි

    ReplyDelete
    Replies
    1. ඇයි ඔය කුමාරයන්ට බූට් දෙන කුමාරියෝ ඕන තරම් ඉන්නේ .. හික් හික්

      Delete
  3. යන්තන් උබේ වයසට ගැලපෙන පෝස්ට්ටුවක් ලියල :D

    ReplyDelete
  4. හෙහ් අන්න කුමාරයෝ..

    ReplyDelete
    Replies
    1. අපේ කාලයේ කුමාරයෙක්

      Delete
  5. ප්‍රා‍‍‍‍යෝගික කුමා‍රයෙක්......

    ReplyDelete
    Replies
    1. අතිශයින්ම ප්‍රායෝගික මොලේ ඇති කුමාරයෙක්
      තැන්කූ සුමිත් අය්යේ

      Delete
  6. හුම් හුම්... මඩ යා ගේ කතාවෙත් ඇත්තක් තියනවා වගේ. 17 නෙවි...10ද කොහෙඩ???

    ReplyDelete
    Replies
    1. මඩයගේ ආවතේවකාරයෝ වැටෙන්නේ මඩය ඉන්න වලටත් පල්ලෙහා වලකට බව මතක හොඳයි !

      Delete
    2. නෑ නෑ ඩුලා මම මේ නිකං කට කහනවට කියපු කටාවක් ඕක...තරහ ගන්න කාරි නෑ...අදයි ආවේ...ඒත් ඩුලා මේ ලිපියනං මට අතරමගඩී නිච්චි වෙලා තියොනෝ වගේ... කාරි නෑ තාම ළපැට්ටොනෙහ්..

      Delete
    3. //මඩයගේ ආවතේවකාරයෝ වැටෙන්නේ මඩය ඉන්න වලටත් පල්ලෙහා වලකට/// මල්ලි මමනම් වලක නෙමේ ඉන්නෙ හැබැයි,මන් ජීවිතය ජය ගත්ත මනුස්සයෙක්...හොද රැකියාවක්, ගෙයක් දොරක්, යාන වාහන, හොද බිරිදක් හා ළමයි දෙන්නෙක් මට ඉන්නවා...ඔයා ඔය වල කියල අදහස් කලේ මොකක්ද දන්නෑ, මොනා උනත් මට කියන්න තියෙන්නෙ මල්ලි ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ වෙන්නැතුව හරියට ඉගෙනගන්න කියල.තාම A/L පටන් ගත්තෙ නෑනෙ, දැන් ඉදලම උනන්දුවෙන් වැඩ කරන්න.

      Delete
  7. කුමාරයට හොඳ බිස්නස් මොලයක් තිබිල නෙ. :)

    ReplyDelete
    Replies
    1. මාකටින් ඩිග්‍රියක් මුට තියෙන්නේ

      Delete
  8. එතකොට ගෙම්ඹට මොකද වුනේ ...?

    ReplyDelete
    Replies
    1. දිගටම ඒ ගෙම්බිගෙන් ආදායම් ඉපෙව්වලු

      Delete
  9. ඌත් මම වගේම මොලේ දුසිං ගානට තියෙන පට්ට කුමාරයෙක් හැබෑටම...

    ReplyDelete
    Replies
    1. කෙන්ජය්ය වගේම එල කොල්ලෙක්

      Delete
  10. මාකටිං කුමාරයෙක් නොවැ. හොඳ කතාවක්.

    ReplyDelete
    Replies
    1. තැන්කු සුදීක..

      Delete
    2. සුදීක අයිය නෙමේද උබට වෙන්නෙ කොල්ලො? උබට වඩා අවුරුදු 20කට වඩා වැඩිමල් උන්දෑ

      Delete
  11. හරිම නරක කුමාරයෙක්...

    ReplyDelete
    Replies
    1. හික් හික්
      අද නේද මුලින්ම ආවේ ! සාදරයෙන් පිලිගන්නවා දුලාගේ අඩවියට .

      Delete
  12. මෙක අපිනොදන්න ලයිවු වල ගියා මතකයි

    ReplyDelete
    Replies
    1. ඒක පොඩ්ඩක් එහා මෙහා කරලා වචන බවට පත් කළා ...

      Delete
  13. කිස් එකක් දුන්නෙම නැද්ද එතකොට?

    ReplyDelete
    Replies
    1. බිසව දාල ගිය දවසට ගෙම්බිට කිස් එකක් දෙනවලු

      Delete
  14. හාර්න්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගෙ සුරංගනා කතා මතක් වුණා...........

    ReplyDelete
    Replies
    1. මේ ලඟදි දේශකයා අපි හැමෝවම හාන්ස්ගේ කතාවක් තුලින් සුරංගනා ලෝකෙට අරගෙන ගියා ..
      deshakaya.blogspot.com/2014/02/swineherd.html

      මේ නිර්මාණය ඔවුන් දෙදෙනාටම උපහාරයක් වේවා !

      Delete
  15. අඩෝ... උඹ අපි නොදන්න ලයිව් එකේ ‘‘සුදු මල්ලිගෙ පිවිතුරු සුරංගනා කතාව‘‘ කොප් කොළා නේද?

    ReplyDelete
    Replies
    1. නෑ බන් ඩ්‍රැකීයා . ටැලිවිසොන් නොබලන බ්ලොග්කරුවන්ගේ වින්දනය උදෙසා සුදු මල්ලිගේ කතාව වචන බවට පත් කොලා.

      Delete
  16. අන්න කුමාරයෝ.. එහෙමනේ ඉන්න ඕන මේක මං දරුවන්ටත් පෙන්නනවා මචෝ..

    ReplyDelete
    Replies
    1. අන්න හොඳයි දරුවෝ මේවා කියවලා හැදෙන්න ඕන.
      තැන්කූ නලී අය්යේ

      Delete
  17. මචන් මමත් කැමතිම ක්ෂේත්‍රය මේක තමයි.හෑන්ස් ඇන්ඩසන් ගෙ ග්‍රීම් සොහොයුරන්ගෙ කතාවල තියන අපූර්වත්වය මාරයි බන්.ඒ කතා ලියන කොට පොඩ්ඩක් නිර්මාණශීලී වෙලා පොඩ්ඩක් එහෙමෙහෙ කරල ලියපන්.මාත් ඉදිරියෙදි ඒ පැත්තටත් යන්න හිතාගෙන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. එල ! අපි අනිවා එනවා යකෝ කියවන්න

      Delete
  18. ඒ කුමාලයා මේ අහලක පහලක උන්න න' දෙනව එං උම්ම්ම්ම්ම්ම් එකක්.... ඔව්... හිටගෙන

    ReplyDelete
    Replies
    1. මේ වගේ කුමාරයන් අගය කරන්න එපැයි .
      අයිනකට ගිහින් දීපන් :D

      Delete
  19. හරියට හරි දුලා බොට ගැලපෙන කතා ලියන්න දැන් තමා හිතිලා තියෙන්නෙ,ජයවේවා.

    ReplyDelete
    Replies
    1. මොනවා කියන්නේ හැලපය්යේ !
      ආයෙත් සැරයක් කියන්න බලන්න ... :D

      Delete
  20. හිතුවේ ලස්සන කතාවක් කියල,ඒ කාලේ ඔහම සුරංගනා කතා ලියල තිබ්බ නම් කව්රුත් ඕවට කැමති වෙන්නැහැ

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ එවුනුත් එදා වගේ සුරංගනා කතා ලිව්වොත් කව්රුවත් කැමති වෙන්නැහැ

      Delete
    2. අලුත් පරම්පරාවනෙ නංගි ඒ ගොල්ලන්ගෙ කලා රසය හරි අමුතුයි.

      Delete
  21. හි හි අන්න කුමාරවරු,,, හි හි මු නම් නමට කුමාරයෙක් වෙන්න ඕනේ මල්ලි,,, රට රටවල් ගානේ ගිහින් ගෙම්බෝ පෙන්නලා සල්ලි හොයන්නේ හි හි ඒ වගේ නැති නියම කුමාරයෙක්ගේ කතාවක් මං ලීවා,, එයානම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කුමාරයෙක් PRINCE of BOLIVIYA

    ReplyDelete
    Replies
    1. ඒ ලියල තියෙන්නෙත් මේ යකා වගේ කුමාරයෙක් ගැනනේ ....
      කුමාරයො වුනත් මොකටද.....හරි ආදරයක් තේරුම් ගන්න බැරිනම් අනේ.... :)

      Delete
    2. @omaa
      ආ කියෙව්වා !
      අර කෙන්ජය්ය කියන්න වගේ මූත් ඒවගේ කුමාරයෙක්ම තමා.

      Delete
    3. @කෙන්ජියා
      හික් හික්

      Delete
  22. ඔව්. ඒක තමයි හොරි වැඩේ. ආදායමකුත් තියෙනවනේ.පෙන්ෂන් ප්ලෑන් එකකුත් තියෙනවා.

    ඒක නෙවෙයි. උඹේ පෝස්ට් එක ඩුප්ලිකේට් වෙලා තියෙන්නේ. එක යට එක යට දෙකක් වැටිලා. මටත් ඔය ලෙඩේ හැදිලා මම මොකක්ද කරලා හදාගත්තා මට දැන් මතක නෑ.

    ReplyDelete
    Replies
    1. හොරි වැඩේ නෙවෙයි හොඳ වැඩේ ඈ. :D

      Delete
    2. අලේ අපේ ඩූඩ් මහත්තයනෙ.
      කාලෙකින් මේ පැත්තෙ ආවෙ.

      පුලුවන් නම් නම් මේක හදල දෙන්න.

      Delete
  23. https://www.facebook.com/TechpediaURS
    ☻◈☻◈☻◈☻◈☻◈☻◈☻◈☻◈
    ░█░░░█░█░▄▀░█▀▀ ░
    ░█░░░█░█▀░░░█▀░ ░
    ░█▄▄░█░█░▀▄░█▄▄ ░
    ◈☻◈☻◈☻◈☻◈☻◈☻◈☻◈☻
    _________________________________________________
    මේ දැන්ම ඔබගේ Facebook මිතුරන් සියලුදෙනාට Invite කරන්න...
    *******************************************

    ███▓▒░░.සැමට ස්තූතියි...ටෙක් ලොවේ විස්මිත තොරතුරු දැනගන්න අප සමඟම රැදීසිටින්න.░░▒▓███►

    ReplyDelete
  24. පට්ට මචන්.. එන්න ටිකක් පරක්කු උනා.. පෝස්ට් ඔක්කොම නිදහස් වෙලාවල ඇවිත් කියවන්නම්...

    http://masandumal.blogspot.com/

    ReplyDelete
  25. කුමාරයෝත් එකයි.... කොල්ලොත් එකයි...... :(

    ReplyDelete
  26. දුලා උඹ කොහෙද? මොකද ආයෙම අතුරුදහන් .........උඹ ඡන්ද වැඩද ඒගමන ....කන්න අඑපා ගීතා ඇන්ටිගෙන් එහෙම හරිද?

    ReplyDelete
  27. පට්ට කතාව. කුමාරයානම් ටිකක් නෙවේ. සිරා බුද්ධිමත්.

    ReplyDelete
  28. අලුත් යමක් ලියන්නේ නැතෙයි?

    ReplyDelete
  29. එන්න.රසකතා තියෙන බ්ලොග් එකක්. http://premalathaa.blogspot.com/

    ReplyDelete
  30. ඒයි දුලා උඹ කොහෙද බං
    ගම රට ඇත ඇරලා ගියාද , කොහේ ගයත් හොඳින් ඉන්නවනම් ඇති

    ReplyDelete

ඔබේ අදහසත් මෙතන කොටල යන්න අමතක කරන්න එපා!
කියවන අයට ඒකෙනුත් ගන්න දෙයක් තියේවි!
ඒ වගේම මටත් ලොකු හයියක්!