දිවියෙන් නික්මයාමට පෙර අවසන් ඇමතුම | Last Call of Dula


දැන් නම් සංසාරයම එපා වෙලාය.වෙන කිසිවක් නිසා නොව ඉල්ලුම් කර මාසයකටත් වඩා ගතවීත් තවමත් සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කර නැති නිසාය.ඉදිරි පැය 48 ඇතුලත එය සිදු නොවූවහොත් ඉරිදා රාත්‍රී ලයිව් @ 8 වලින් ඔබට මාගේ වියෝව දැනගත හැක්කේය.එමෙන්ම අන්තර්ජාල සටහනක් තබා සිය දිවි නසාගත් පලමුවැන්නා වශයෙන් මා ඉතිහාසගත වනුද ඇත.



                        පසුගිය කාලයේ ඒ සඳහා වැඩිපුරම කට්ටක් කෑ පුද්ගලයා මා විය යුත්තේය.උපදෙස් දුන් සියල්ලගේම උපදේශ ක්‍රියාත්මක කළෙමි.එහෙත් කිසිදු ප්‍රතිඵලයක් නොමැත.මගේ පියා කියන විදිහට මාව දිවයිනේ ජනප්‍රියම ඉස්කෝලයකට ඇතුලත් කිරීමටවත් ඔහු මෙච්චර කට්ටක් කා නැත්තේය.
                        දැන් නම් මට එපාම වී ඇත්තේය.තවදුරටත් මේ කුරිරු ලෝකය තුල ජීවත් වීමට දුලාට හිතක් නැත්තේය.මොනවා වුනත් දැන් මගේ ජීවිතය රැදී ඇත්තේ සිංහල බ්ලොග් කියවනයේ සාමාජික මහතෙකුට විතරය.ඔබට ජීවිතයක් බේරාගෙන මේ වෙසක් සමයේ මහඟු පින්කමක් කර ගැනීමට පුලුවන්ය.එසේම මේ ලිපිය කියවන ඔබ සිංහල බ්ලොග් කියවන්යේ ඇඩ්මින් මහතෙකු අඳුරනවා නම් ඔහු දැනුවත්කර මේ පුන්‍ය කර්මයට දායක වීමට පුලුවන්ය.ඔබට මට උදව කිරීමට හැකියාව තිබියදීම එය පැහැර හරින්නේ නම් අහිංසකයෙකුට නිකරුනේ මිය යාමට ඉඩ දී බලා සිටියෙමියි යන හෘද සාක්ශියෙන් බේරිමට නොහැකිය.
                        එසේම පසුගිය සතියේ සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් නොවීම පිලිබඳ දුකින් සිටි මොහොතක ,දුලා රථය පදවමින් හිටි මොහොතකදී හැප්පීමට ගොස් පූරුවෙ වාසනාවකට වගේ දුලා බේරුණේය. එසේම දුලා දුකින් සිටීමට කරුණු විමසූ, දුලාගේ ආයතනයේ සේවකයන් අඩවිය ඇතුලත් කරන මෙන් ඉල්ලමින් උද්ඝෝශනයක් කිරීමට යද්දී බොහෝම අමාරුවෙන් නවත්වාගත්තේය.තවත් මේ ගැන කියා පලක් නැත.ඉදිරි පැය 48 ඇතුලත දුලාගේ අඩවිය සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් නොවුන හොත් දුලාගේ සිය දිවි නසාගැනීම ඔබට ආරංචි වනු ඇත.
                        අවසාන වශයෙන් මෙතෙක් කලක් හෝ දුලා ජීවත් කරවූ මඩිස්සලේ නිශාන්ගේ අපි අපිට බ්ලොග් කියවනයටත්,චන්දන අයියාගේ අපේ බ්ලොග්ටත්,මාතලන්(ප්‍රියන්ත අයියාගේ) සින්ඩියත්,කමතටත්,හත්මාලුවටත්,කියවන්නා.කොම් ටත්,ගීක් බ්ලොග් කියවනයටත් ,සිංහලයා සින්ඩියටත්,නිර්මලා අක්කගේ සංදේශයටත්,ලංකා බ්ලොග් කියවනයටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි!
හැකි ඉක්මනින් බලධාරීන් දුලාගේ අඩවිය සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කිරීමට කටයුතු කර රටට වටිනා පුරවැසියෙකුගේ ජීවිතය බේරාගන්නා මෙන් ඉල්ලා සිටිමි
                                                                   දුලා
SHARE
    Blogger Comment
    Facebook Comment

9 comments:

  1. පොඩ්ඩක් ඉවසන්න දරුවො මම මාතලන් ලොක්කට ඊයක් යවා ප්‍රශ්නය විසදනකම්.
    ජීවිතය නැති කර ගන්නව කියන්නෙ මහා පාප කර්මයක්.

    ReplyDelete
    Replies
    1. මොන ලොක්කට කියල හරි මේක කරල දෙනවනම් ලොකු උදව්වක් හිච්චි පුතේ...
      කමෙන්ටුවට ස්තූතියි!

      Delete
  2. එකතු කරනකම් හැමදාම මේල් කරපන්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එහෙමවත් කරල බලමුකෝ....
      බොහොම ස්තූතියි මාතලන් ලොක්කා උපදේශෙට

      Delete
  3. මං තවමත් නෑ බං ඔය සින්ඩියේ. අපිට වඩා සෑහෙන්න කලින් බ්ලොග් ලියන්න ඇවිත්, ඔය සිංඩියට ඉල්ලුම් කල අයත් ඉන්නව තවම පෝලිමේ. ඒක නිසා සින්ඩිය ට ආයේ ආයේ මතක් කරන ගමන් අනෙක් බ්ලොග් කියවන එක, කමෙන්ට් කරන එක පුළුවන් වෙලාවට කරන්න. එතකොට ඒවා ඔස්සේ කියවන්න අය එනවා. මේ තව සින්ඩි ටිකක්.

    http://www.ceylonlanka.info/2013/03/sindi-lanka.html

    http://kottu.org/

    http://syndi.lankeeya.lk/

    http://i-am-a-blog-reader.blogspot.com/

    http://avakashaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මං දැනන් හිටියේ නෑනෙ චන්දන අයියගේ බ්ලොග් එකත් සිංහල බ්ලොග් කියවනයෙ නෑ කියලා.ලාංකීය සිතුවිලි එකේ ඡන්ද කේස් එක ගැන පොඩ්ඩක් කියල දෙනවද?

      Delete
  4. දැන් කවදටද අපි එන්න ඕනේ (මම ඇහුවේ හත්දොහේ දානේ දවස )

    ReplyDelete

ඔබේ අදහසත් මෙතන කොටල යන්න අමතක කරන්න එපා!
කියවන අයට ඒකෙනුත් ගන්න දෙයක් තියේවි!
ඒ වගේම මටත් ලොකු හයියක්!