නඩුකාරතුමාව ගල් කොට තැබූ කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ...

කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ කියන්නේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් බොහෝ විස්කම්  කරපු හාමුදුරුවන් වහන්සේ නමක්.පේ ගොඩක් අය උන් වහන්සේ ගැන අහල ඇති.මේ කියන්න සූදානම් වෙන්නේ උන්වහන්සේට අගෞරව වෙන විදිහට කතාකරපු නඩුකාරවරයෙකුව වරුවක් ගල් කරල තියපු හැටි.

                                           දුලා ගොඩක් කාලෙකට පස්සේ තමා මේ බ්ලොග් එක පැත්තේ එන්නේ.ගිය සතියේ දින ගනණාවක් වෛරස් උනක් හැදිලා අසනීප වෙලා හිටියේ.ඔන්න දුලාගේ අඩවියට ජයග්‍රාහී දහස් වෙනියත් ඇවිත් ගිහින්.මසකට ආසන්න කෙටි කාලයකදී මෙතරම් පිරිසක් පැමිනීම ගැන පට්ටම ආඩමබරයි.ඒ වගේම දැන් එන්න එන්නම දුලාගේ අඩවිය සියල්ලෙන් පිරුණු බ්ලොගයක්  බවට පත් වෙමින් තියෙනවා.මට පට්ට ප්‍රතිචාරයක් ලැබුනු තොටගමුවේ හාමුදුරුවන් ගැන ලියපු ලිපිය ශාස්ත්‍රීය ගණයේ එකක්.ඊලගට දාපු "බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්-නලින් ද සිල්වා" විද්‍යාත්මක ගණයේ එකක්.ඊලගට දාපු "බල්ලෙක් සමග තරගෙට දුවා දින්නෙමි" මගේ අත්දැකීම් ගොඩට අයත් වෙන එකක්.ඊලගට ලියපු "දිවියෙන් නික්ම යාමට පෙර අවසන් ඇමතුම" ගොන් ආතල් ගණයේ එකක්.ඉදිරියේදි ඔය හැම ජාතියෙන්ම රසබර ලිපි ඉදිරිපත් කරනවා.විචාර කියල හරවත් ලිපි ජාතියකුත් ඉදිරිපත් කරන්න දුලා බලාපොරොත්තු වෙනවා.මොනවා වුනත් දුලාට වැඩිම ප්‍රතිචාරයක් ලැබුනේ ශාස්ත්‍රීය ගනයේ එකක් වන තොටගමුවේ හාමුදුරුවො ගැන ගිය පෝයදා ඉදිරිපත් කරපු ලිපියට.ඒක නිසා මේ සැරේ මං කොන්ඩදෙනියේ හාමුදුරුවන් ගැන රසවත් ලිපියක් එහෙමත් නැත්නම් කතාවක් ලියන්න හිතුවා.

                                           කොන්ඩදෙනියේ හාමුදුරුවෝ කියන්න යන්තර,මන්තර ගුරුකම් වලින් රටේ ගොඩක් ප්‍රසිද්ධියට පත් වෙච්ච හිමිනමක්.හොඳයි පඳුරු තලන්නේ නැතුව කෙලින්ම කතාවට එමුකෝ.ඔන්න අවුරුදු කාලේක උන්වහන්සේ මූලිකත්වය අරගෙන ගමේ අවුරුදු උත්සවයක් සංවිධානය කලා.ඔය අවුරුදු උත්සවේ කඹ අදිද්දි ඇතුවෙච්ච පොඩි ගැටුමක් දරුණු තත්ට්වෙටම ගිහින් දෙතුන් දෙනෙක් පිහිපාරවල් කාල රෝහල් ගත කලා.ඔය අවුරුදු උත්සවේ සංවිධානය කලේ කොන්ඩදෙනියේ හමුදුරුවො නිසා උන්වහන්සේටත් නඩුවට සහභාගි වෙන්න සිද්ද වුනා.ඔන්න දැන් නඩු දවසෙ කොන්ඩදෙනියේ හාමුදුරුවොත් අසුන්ගෙන හිටිය.විනිසුරුතුමා එනකොට අපි හැමෝම නැගිටලා ආචාර කරනවා නේ.ඒක පූජ්‍ය පක්ෂයේ අයටත් පොදුයි.නමුත් කොන්ඩදෙනියේ හාමුදුරුවෝ නම් නෙවේ නැගිටල ආචාර කලේ.

මේක දැකපු තෝල්ක තුමා "ඔබ වහන්සේ නැගිටලා ආචාර කරා නම් නේද හොඳ!" කියල ඉතාම ගෞරවයෙන් යුක්තව හාමුදුරුවන්ට කිව්වා.

"මම ගරු කරන්නේ මට වඩා වැඩිමහල් භික්ෂුවකට විතරයි.මේ වගේ පඩියට වැඩකරන නඩුකාරයෙක්ට මම ගරු කරන්න අවශ්‍ය නෑ නේ''

"මේ කටවාචාල උන්නාන්සෙව ගෙනියන්න මෙතනින් එලියට" නඩු කාරයා කෑගැහුවා.

                                                    හැමෝම තෘශ්නීම්භූතවෙලා හාමුදුරුවො දිහා බැලුවා.කොන්ඩදෙනියේ හාමුදුරුවො වචනයක් වත් කතා කලේ නෑ.අසුනින් නැගිට්ටා.තමන්ගේ කුඩේ කෙලවරින් හරියටම තුන් පාරක් ඇන්නා පොලවට.පිත්තල කොපුව වැදෙන හඬ උසාවිය පුරා දෝංකාර දුන්නා.මීලඟට මොකක් වෙයිද! හාමුදුරුවන්ගෙ වැඩ ගැන දන්න හැම පුද්ගලයෙකුගෙම මුහුනේ රැඳී තිබ්බේ කුතුහලයක්! හාමුදුරුවෝන්ගේ ඇස් වලින් පිටවුනේ රතුම රතු ලේ බින්දු!උන්වහන්සේ ඒ බිඳු දෙක තුනක් අතට අරගෙන නඩුකාරතුමාගේ පැත්තට විසි කරලා උසාවි භූමියෙන් පිටව ගියා.

                                                    ඊට පස්සේ තමයි වැඩේ පටන් ගත්තේ.නඩුකාර උන්නාන්සේ නඩුව පටන් ගන්නකම් මිනිස්සු බලන් ඉන්නවා.ඒත් නඩුකාරතුමා කතා කරන්නේවත් නෑ.අඩුම ගානේ හෙලවෙන්නේ වත් නෑ.එතන හිටපු හැමෝටම වැඩේ තේරුනා.නඩුකාරතුමා හාමුදුරුවන්ට කතාකරපු විදිහ නිසා උන්වහන්සේ නඩුකාර තුමාව ගල් කරලා.

"ගිහින් හාමුදුරුවන්ට වැඳලා සමාව ගන්න" එතන හිටපු වැඩිහිටියෙක් මේ සිද්ධියෙන් බය වෙලා ඉඳපු තෝල්ක මහතාට කිව්වා.

පස්සේ තෝල්ක මහත්තයා තවත් පිරිසක් එක්ක ගියා කොන්ඩදෙනියේ හාමුදුරුවො වැඩ වාසය කල විහාරස්ථානයට.ගිහින් වැඳල සමාව ගත්තා.

"දැන් ඔය ආපහු යන්න.භික්ෂූන් වහන්සේ නමකට උන්නාන්සේ කියන්න ගිහියන්ට කැප නෑ.ඒක නිසා මං පොඩි දඬුවමක් දුන්නේ.ඔය ඇත්තො උසාවියට ගිහින් මේ වැලි ටික ඒ හරියේ පොලවට ඉහින්න.එතකොට එතකොට අපේ නඩුකාරතුමාට සනීප වේවි"

පස්සේ ඒ විදිහට කරල නඩුකාරතුමාව යථා තත්වෙට පත්කරගන්න පුලුවන් උණාලු.ඔන්න ඕකයි කතාව.ඕගොල්ලො හිතන්නේ මොනවද?කමෙන්ට් එකක් දාල යන්න.හැබයි කමෙන්ට් නොකර යන්න හිතන්න නම් එපා.මං එහෙම අයව ගල් කරන්න මේකට මතුරලා තියෙන්නේ...   :)


SHARE
    Blogger Comment
    Facebook Comment

41 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කෙන්ජියටත් සුබ වෙසක් මංගල්‍යයක් වේවා!
      ඔය පින්තූරෙයි වෙසක් එකෙයි කිසි සම්බන්ධයක් නෑනේ... ;)

      Delete
    2. ලංකාවෙ හිටියනම් බට පතුරු වලින් හදල කාඹරන්ක කුඩුවක් දාන්න තිබුන.
      1000 පැනල මෙච්චර උන නම් 2000 වෙද්දී කොච්චරද කියල හිතා ගන්න පුළුවන්.
      මං තීරු 2කේ අධි වේගී මාර්ගවල,අධි වේගයෙන් ධාවනය ඉතා භයානක බව කරුණාවෙන් සලකන්න.

      Delete
    3. උඩ කමෙන්ට් එකත් මකලා නේ...

      ඔච්චර කේන්ති ගත්තොත් කෙන්ජි උතුමානෙනි ඔබ ජපානෙදිම නාකි වේවි!
      ඔය කමෙන්ට් එකේ තිබ්බ මේ ෆොටෝ එක
      // https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/579312_4183601927269_1643651340_n.jpg //
      වෙසක් එකත් එක්ක සම්බන්දයක් නැති බව කිව්වේ දැකපු ගමන් එහෙම පෙනුණු නිසා...ඒකෙන් සිත් රිදීමකට ලක් වුනා නම් සමාව භජනය කරනු මැන!!!!!!!!

      //1000 පැනල මෙච්චර උන නම් 2000 වෙද්දී කොච්චරද කියල හිතා ගන්න පුළුවන්.//

      ඒ වගේම මතක තියාගන්න කෙන්ජියෝ සමහරුන්ගෙ බ්ලොග් වල 1000 සංවත්සරේ සමරන්නම පෝස්ටුත් දාලා තියෙනවා..මම මගේ ලිපියක එක වාක්‍යයක් විතරයි ඒක කියන්න ගත්තේ.ඒක නිසා 1000 පැනල කියල මට උන කියල හිතනවනම් ඒක ලොකු වැරදීමක්!!!

      නැවත වතාවක් හිත් රිදීමකට ලක් උනා නම් සමාවෙන්න කියල ඉල්ලනවා කෙන්ජියො..

      Delete
    4. මම එම පින්තුරය දැම්මේ ජාත්‍යන්තරව පැරණි උරුමයන් වශයෙන් සැලකෙන මා දෙඇසින් දුටු ජපානයෙ කියොතෝ (Kyoto)නගරයෙ දායිගොජි (Daigoji)පුජා භුමියේ මා සිත් ගත් ස්ථානයක්.
      මම එවපු පැතුම සුදුසු නැති එකක් කියන වචනය කියපු ඔබ කවුද කියා හැගුන නිසයි පෙර ටික ලියල මගේ පැතුම මකල දැම්මෙ.
      කොහොමත් වයස යන්න දෙයක් නැහැ ලබන මාසෙ 50හෙ කඩුල්ල පනින්න ඉන්නෙ.
      මැරෙන්නෙ නැතිව හිටියොත් ආයේ එන්නම්.

      Delete
    5. අයියෝ 50 කියන්නෙ වයසක්ද කොල්ලෝ..?

      මොනව උනත් කෙන්ජිය මාත් එක්ක ඉන්නේ තවමත් හිත් අමනාපයෙන් වගේ... //වචනය කියපු ඔබ කවුද කියා හැගුන නිසයි// ...කියන එකෙන් ඔබ අදහස් කරල තිබෙන්නෙ මං නරක මනුස්සයෙක් කියන එකනේ... නමුත් දුලා එහෙම කෙනෙක් නොවන බව කෙදිනක හෝ ඔබටම දැනේවි.

      ඔබේ පින්තූරයේ ගැලපීමක් නැති බව කිව්වේ තුන් හිතකින්වත් ඔබට රිද්දීමට නොවේ....ඔබටත් සුබ වෙසඟක් වේවා.... කියලම ඒක කිව්ව එකෙන්වත් ඔබට ඔබේ සුබ පැත්ම මා පිලිගත් බව නොපෙනුනු එක පුදුමයි!

      එය වැරැද්දක් ලෙස මා දුටු නිසා ඔබේ හිතවතෙක් වශයෙන් එය පෙන්නා දීමටයි මා උත්සාහ කලේ.කිසිවෙකවත් ඔබ උපහාසයට ලක් කිරීමට නොවේ!!![මං ඒ කාරනාව පෙන්නා අගට ;) සිනා මුහුනක් එක් කරේත් හිතවත්කම පෙන්නීමටයි]

      මොනව උනත් ඔබ ඒකට මේ වගේ හිත් අමනාපයක් ඇති කරගනී යැයි හිනෙකිනුදු සිතුනේ නම් මා මොනම හේතුවක් මතවත් ඒ ප්‍රකාශය නොකරමි.අදටත් මා ඒක කීම ගැන හිතින් පසුතැවිලි වෙනවා.මට රෑට හරියට නින්ද යන්නේත් නෑ.

      අනේ කෙන්ජියෝ මං වරක් නොවේ සිය දහස් වතාවක් ඔබෙන් සමාව ඉල්ලමි.දුලා ගැන ඔබේ හිතේ කහටක් ඇත්නම් එය නැති කරගෙනම නැවතත් ඉස්සර වගේම කෙන්ජියා බ්ලොග් එක පැත්තේ ඒවි යැයි සිතමි!

      මෙයට,
      කෙන්ජියාගේ නොසිතූ විරූ ප්‍රතිචාරයෙන් කම්පනයටපත් අසරණ වූ දුලා

      Delete
  2. මේවා බොහොමයක් ප්‍රබන්ධ මිසක් ඇත්ත කතා නෙවේ. මේ හාමුදුරුවන්ගේ නම විකුණගෙන මෝඩ මිනිස්සු රවටගෙන සල්ලි ගරන හොර කට්ටඩියන්ගේ අතේ පැලවෙන නිර්මාණ මේවා.

    ReplyDelete
    Replies
    1. මම කිසිත් නොකියමි...
      නෑ එක්කෝ එකක් කියමි.තමන් නොදන්නවා විය හැක.එහෙත් ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකරන්න!

      Delete
    2. නොදන්නා නිසා නොවේ. මේ හාමුදුරුවන් ගැන පර්යේෂණාත්මක ලිපි පවා කියවා තිබෙන නිසා. ඔහු බෞද්ධ භික්ෂුවකට සුදුසු ආකාරයෙන් හැසිරුණ කෙනෙක් නොවේ. (නඩුකාරයා එනවිට නැගිටින්නේ ඒ පුද්ගලයාට නොව අධිකරණය නමැති සංකල්පයට ගෞරව කිරීමටයි)මේ භික්ෂුව ගැන යටත්පිරිසෙයින් කතා 25 කට වඩා මා කියවා තියනවා. එයින් බහුතරයක තිබෙන්නේ බලයෙන් හිස උදුම්මාගත් බව පෙන්වන කතා මිස අනුන්ට සේවයක් කල කතා නොවේ.

      Delete
    3. ඔබ කියන කතාවෙ ඇත්තක් තිබෙනවා.මේ හාමුදුරුවෝ වැඩියෙන් කරල තියෙන්නේ යහපත් වැඩ වලට වඩා අයහපත් වැඩ තමා.....

      Delete
    4. නමුත් මේ නඩුකාරයත් හොඳ මනුස්සයෙක් නොවේ...එයත් තමන්ගේ තනතුරින් හිස උදුම්මාගෙන නෙ... මොනව උනත් බුද්ධ පුත්‍රයෙක්නෙ කියල එයත් ඉවසලා නෑනෙ...එයා හාමුදුරුවන්ට කටවාචාලයා කියලා බැන වැදිලා...

      Delete
    5. දුලා නෙතුපුලා...........දැන් තමයි නොදන්නාකම ටිකක් අඩු වෙලා තියෙන්නේ ඔයාගේ. මෙතන වාද පිටියක් කරගන්න අවශ්‍ය නැහැ මට. නමුත් කියවන්නන්ගේ අදහස් වලට සාධාරණව පිළිතුරු දෙන්න ඉගෙනගන්න. තරුණ මදයෙන් මත්වෙන්න එපා.

      Delete
    6. ඔව් ඇනෝ ඔබ කියන විදිහට දැන් තමා මගේ නොදන්නකම අඩුවී තිබෙන්නේ..කලින් මං කිසිම දෙයක් දන්නෙ නැති මෝඩයෙක්! ඒ මෝඩයාගේ මෝඩකමේ උච්චතම ස්ථානයට ලඟා වූ නිසා තමා තොටගමුවේ හිමි ගැන,නලින් ද සිල්වා ගැන පර්යේශනාත්මක ලිපි පල කලේ.[දැන් ඔබ කියාවි ඒවා මොන පර්යේශනාත්මකයිද ඒවා ඕන කෙනෙක් දන්නවා කියා]

      ඒ වගේම ඔබ කියනවා ඔබට වාද පිටියක් හදන්න ඕන නෑ කියලා.බලන්න ඒක කොච්චර පදනම් විරහිතද කියලා.ඔබ ඔය මුලින්ම කමෙන්ට් කර තිබෙන්නේ
      ....//මෝඩ මිනිස්සු රවටගෙන සල්ලි ගරන හොර කට්ටඩියන්ගේ අතේ පැලවෙන නිර්මාණ මේවා.//......
      තමන් මහන්සියෙන් ලියපු ලිපියකට ඔහොම කියනකොට මොන රචකයාටද තරහා නොයන්නේ.එහෙම කියමින්ම ඔබට "වාද පිටියක් හදන්න ඕන නෑ" කියලා කියන එක කොච්චර විහිලුවක්ද බලන්න.

      ...//නමුත් කියවන්නන්ගේ අදහස් වලට සාධාරණව පිළිතුරු දෙන්න ඉගෙනගන්න//...
      ඔබට පුලුවන් මම තොටගමු හාමුදුරුවන් ගැන ලිපියේ අපේ මාතලන් ලොක්කා මට ඉදිරිපත් කරපු චෝදනාව හා මං සාධාරනව සාක්ශි සහිතව ඒක එහේම නොවන බව ඔප්පු කර ඇති හැටි බලන්න.

      .......//තරුණ මදයෙන් මත්වෙන්න එපා.//.......
      තරුණ මදයෙන් මත්වී ඇත්තේ කවුද කියන එක හැමෝටම පෙනේ.ඒ ගැන මා කිසිත් නොකියමි!!!!!!!

      Delete
  3. මුලින්ම සුභපතනවා බ්ලොගයට,

    කතාවනම් ලස්සනයි. ඒත් ඒක කතාන්දරයකට නම් විතරයි. ඇනෝගෙ කතාවත් හරි‍. කොණ්ඩ දෙණියේ මේ මන්ත්‍රාචාර්ය තුමා යම් යන්ත්‍ර මන්ත්‍ර දැනුමක් තිබුනත් ඒකෙ කෙළ පැමිණියත් ‍මෙතරම් බොළද දේවල් කරයිද කියලා හිතන්න ඕනානෙ. මටත් හිතෙන්නෙ කොන්ඩදෙනියේ හාමුදුරුවෝ කියලා එක එක කතා හදලා.

    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන අයට මම හාමුදුරුවෝ කියනවාට මම නම් පෞද්ගලිකවම කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවෝ කලේ බොලඳ දෙයක් කියල කියන්නෙ කොහොමද? තමන්ට අගෞරව කරපු නිසානෙ එහෙම කරල තියෙන්නේ..

      \\යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන අයට මම හාමුදුරුවෝ කියනවාට මම නම් පෞද්ගලිකවම කැමති නෑ\\

      එහෙමනම් තමුන්ට ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ රාහුල හාමුදුරුවන්ටත් ,හාමුදුරුවො නොකිය වෙන එකක් කියන්න වේවි.මොකද උන් වහන්සේත් ඔය යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරල තියෙනවා.

      Delete
    2. @වන වදුල ඔබේ පැමිනීම ඉතා අගේ කොට සලකනවා.ඒත් ඔය ඇනෝ කෙනෙක් කියල තියෙන කතාවෙත් ඇත්තක් තියෙනවා වගේ.

      Delete
  4. ඔය වගෙ මන්ත්‍ර ශාස්ත්‍ර වලත් සත්‍යතාවයක් තියනව. නමුත් දැන් නම් හරියටම එවැනි දේ දන්නා අය අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත චන්දන අයියේ අද කාලේ ඉන්නේ යන්ත්‍ර මන්ත්‍ර මුවාවෙන් මිනිස්සු රවට්ටගෙන කීයක් හරි හොයාගන්න අය තමා...

      Delete
  5. මම වැඩිය දෙවියන් පවා විශ්වාස නොකර අයෙක්. අපි කරන පින් ඔවුන්ට අනුමෝදන් වනතුරු බලාගෙන ඉන්න බව බුද්ධ දේශනාවේ තිබෙන නිසා ඔවුනට පිං අනුමෝදම් කරනවා.

    එහෙත් අපි නොදකින ශක්තීන් විශ්වයේ ගැබ්ව ඇති බව පිලිගන්නවා.

    ජය !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෑමෝ

      Delete
  6. මේ වගේ කතාවලට කියන්නේ අර්බන් මිත්ස් (නගරබද මිත්‍යා) කියලයි.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්ටැති ....
      බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් කරාට

      Delete
  7. හාමුදුරුවො ඔය හැකියාව තමන්ගෙ ගෝලයෙක්ටවත් නොදීපු එකයි පුදුමය :(

    (මේකෙ ෆලෝ ගැජට් එකක් නෑනේ)

    ReplyDelete
    Replies
    1. සමහර විට දෙන්න ඇති.
      ඔන්න දැම්මා ෆලෝ ගැජට් එකක් ;)
      බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් කරාට...

      Delete
  8. Did you look up any referencеs before you came uρ with thіѕ?


    My site :: www.ifwscript.com

    ReplyDelete
    Replies
    1. Thank u 4 commenting & viewing my site ... @@
      -

      Delete
  9. දුලා මේ කමෙන්ටුව පෝස්ට් එකට අදාල නැහැ. සමාවෙන්න. ලංකා බ්ලොග් කියවනයේ පරණ ලිපිනය තමා මේකෙ තියෙන්න පුලුවන්නම් මේ‍ක වෙනස් කරල අලුත් එකක් දානවද?
    මෙන්න අලුත් ලාංජන පෙල.
    http://lankabloggers.com/friendly.php

    ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. හරි හරි දාන්නම් සහෝ

      Delete
  10. කොන්ඩදෙනියේ හාමුරුදුවෝ ගැන නම් කියන්න ඕනෑ තරම් කතා තියෙනවා.. මහව පැත්තේ ගිය වෙලාවක, උන්නාන්සේ වැඩ හිටපු විහාරයත් දුරින් බලාගෙන යන්න අවස්ථාව ලැබුණා.. ඔබ සතු දැනුම බෙදා දෙනවා දැකීම සතුටක්.
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ ගොඩක් කතා තියෙනවා...
      බොහෝම තැන්කූ කමෙන්ට් කරාට

      Delete
  11. එතකොට හාමුදුරුවෝ දකින්න ගියේ කොහොමද? පට්ට කෙප්ප නේ මේවා... මේවා හොඳයි අපේ හරක්ට.. මෝඩ ආතල් ගන්න...

    ReplyDelete
    Replies
    1. ඔබ ලිපිය කියවා ඇත්තේ නොසැලකිල්ලෙන් බව පෙනේ...

      //පස්සේ තෝල්ක මහත්තයා තවත් පිරිසක් එක්ක ගියා කොන්ඩදෙනියේ හාමුදුරුවො වැඩ වාසය කල විහාරස්ථානයට.ගිහින් වැඳල සමාව ගත්තා.//

      මෙහිදී නඩුකාරයා ගල් වී ඉඳියදී සමාව ගත්තේ තෝල්ක මහතායි!!!
      ඔහුටයි හාමුදුරුවෝ වැලි ලබා දෙන්නේ.

      Delete
  12. HAMUDURUWO GENA GODAK KATHA AHALA THIYENAWA ANE MANDA MEWA ATHTHADA BORUDA KIYALA.EKA SARAYAK TRAIN EKATH NAWATHTHUWA LU NEDA??

    ReplyDelete
  13. කොන්ඩ දෙනියේ හාමුදුරුවෝ ගැන කතාන්තර කිහිපයක්ම අසා තිබෙනවා. නමුත්, එවායේ පදමට සාහිත්‍ය සහ මිත්‍යාව පිරී තිබෙනවා.

    ReplyDelete
  14. අඩෝ ආපහු මතුරපං. මට යන්න ඕනෙ. ගොඩක් වැඩ තියෙනවා. උඹට කොමන්න්ට් කොළේ නෑ කියලා මාව ගල් කළේ මොකෝ...?

    ReplyDelete
    Replies
    1. හරියටම ඔන්න දවස් 15කට පස්සේ ඩ්‍රැකියව නිදහස් කලා.
      ඒක නෙවෙයි බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.ඒක මට ගෞරවයක්!!!

      Delete
  15. නන්දසේන සූරියාරච්චිත් මේ ගැන ගොඩක් ලියල තියෙනවා. හැබැයි කතන්දරයක තියෙන රසය ඇරුනම ගතයුත්තක් නෑ. ඔබත් මෙයින් උත්සාහ කරන්නෙ කතාවක් කියන්න නම් ඔබ සාර්ථකයි. ඒත් ඔබ කොන්ඩදෙනියෙ හාමුදුරුවන් ගැන අධ්‍යයනයක් විදියට ලිව්ව නම් ඔබ අසාර්ථකයි. මේ කියන නඩු කාරයගෙ නම මොකක්ද? ඔහු ඊට පෙර සහ පසු සිටියෙ කොතැනද මෙහෙම දෙයක් උනා නම් ඒ ගැන ඔහු හෝ අනෙක් විනිසුරුවරු පැවසූ දේ මොනවද වගේ දේවල් සහ ඒ විස්තර සොය ගත්තෙ කොහොමද කියලත් දැම්මා නම් ලිපිය පිලිබඳ විශ්වාසයක් ඇති වෙනවා. හැබැයි කතන්දරයකට නම් ඒවා අව්ශ්‍ය නෑ. මට හිතෙන දේ තමා ඔය කිව්වෙ. අහිතක් හිතන එකක් නෑ කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මිත්‍රයා,ඇනෝ කෙනෙක් වුනත් ඔබ ඉතාම විනීත ලෙස ඔබේ අදහස ඉදිරිපත් කර තියෙනවා.ඔබ සමස්ත බ්ලොග්කරුවන්ටම ආදර්ශයක්!!![ඔබට පේනවා ඇතිනේ මේකෙ උඩ කමෙන්ට් කරපු අය පිහියෙන් ඇන්නා වගේ කතා කරලා තියෙන හැටි]

      ඒ වගේම සහෝදරයා ඔබ හරි ,මේක මම ලිව්වේ කතාවක් විදිහට.මේකෙ සත්‍ය-අසත්‍ය භාවයක් මම දන්නේ නෑ.හැබැයි මේ කතන්දරය ජනශ්‍රැතියේ තියෙනවා.මම කලේ සාහිත්‍ය මුසු කරලා රසවත්ව ඉදිරිපත් කරපු එක!

      හැබැයි මම තොටගමුවේ හාමුදුරුවෝ ගැන අධ්‍යනය කලා.ඒ ලිපිය කියවා බලන්නත් විශේෂයෙන් මම කමෙන්ට්ස් වලට දාපු රෙප්ල්යි බලන්නත් කියා ඔබට ආරාධනා කරනවා.

      ඔබට ජය!

      Delete
  16. ගල් කරනවා කිව්වා නිසා ඔන්න කමෙන්ට් එකක් දාල යන්නේ .
    බ්ලොග් කියවනය ට වෙබ් අඩවිය එකතු කරල තව පිරිසක් අතරට ගෙනියන්න

    ReplyDelete
  17. වාඩියටටත් ගොඩ වෙලා යන්න

    ReplyDelete
  18. මේව බොරු කියල කියන කට්ටිය මේක කියවල බලන්න.
    https://sandaruwn.blogspot.com

    ReplyDelete

ඔබේ අදහසත් මෙතන කොටල යන්න අමතක කරන්න එපා!
කියවන අයට ඒකෙනුත් ගන්න දෙයක් තියේවි!
ඒ වගේම මටත් ලොකු හයියක්!